0

දෙවසරක විරාමය නිමා කරන්නට එන්න...

අළුත් අවුරුද්දට තව තියෙන්නෙ හරියටම මාසෙකටත් අඩු කාලයක්. මීට අවුරුදු කීපෙකට ඉස්සර අන්තර්ජාලය පාවිච්චි කරන අය, විශේෂයෙන්ම බ්ලොග් සහ ෆේස්බුක් එකේ ලියන, ඒ ලියපු ඒවා කියවන අය මේ කාලෙ වෙනකොට දකින දකින තැන කතා කරන්නෙ 'සයිබර් සිහින බක්මහ උළෙල' ගැන. 2016 අවුරුද්දෙන් පස්සෙ අවුරුදු දෙකක්ම විවිධ හේතු නිසා සයිබර් සිහින බක්මහ උළෙල තියන්න ලැබුණෙ නෑ. හැබැයි ඔන්න මේ පාර බක්මහ උළෙල මේ වෙනකොට ලහි ලහියේ සූදානම් වෙනවා. 




බ්ලොග් ලියන අය, බ්ලොග් කියවන අය, ෆේස්බුක් එකේ ලියන අය, ඒ ලියන ඒවා කියවන අය හැමෝටම එකතු වෙලා විනෝද වෙන්න පුළුවන් ලස්සන දවසක්....

අප්‍රේල් මාසෙ 27 වෙනි සෙනසුරාදා
උදේ 8.30 පටන් රෑ වෙනකං....

හැමෝටම පුරුදු තැන...
වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගයේ දී...
ක්‍රීඩා තරඟ ගණනාවක් එක්ක අපිට පුරුදු විනෝදාංශ රැසක් මේ වෙනකොටත් සංවිධානය වෙලා ඉවරයි. සයිබර් සිහින කුමරා, සයිබර් සිහින කුමරිය වෙන්න කැමති අය සූදානම් වෙලා ඉන්න. ඒ ගැන විස්තර ඊළඟ පෝස්ට් එකෙන් දැනගන්න පුළුවන්. සමරු කලාපයේ තමන්ගේ දැන්වීමක් පළ කරගන්න හරි, තෑගි වලට අනුග්‍රහයක් දක්වන්න හරි කැමති කෙනෙක් ඉන්නවා නං cybernewyearfestival2011@gmail.com කියන ඊ මේල් ලිපිනයට පණිවිඩයක් එවන්න. නැත්තං අපේ ෆේස්බුක් පිටුවට පණිවිඩයක් එවන්නත් පුළුවන්.


එහෙනං....,

අප්‍රේල් මාසෙ 27 වෙනි සෙනසුරාදා උදේ 8.30 ට හමුවෙමු

0 comments:

Post a Comment

Back to Top