50

සයිබර් සිහින බක්මහ උළෙල මේ පාර තියෙනවාද?

හැම වසරකම බ්ලොග් අවකාශයේ මිතුරන්ගේ ආදරණීය දායකත්වයෙන් පැවැත්වෙන, සහින සයිබර් බක්මහ උළෙල පිළිබඳව දැන් ඔබට අමුතුවෙන් මතක් කරන්න දෙයක් නෑ.. හැම වසරක ලෙසින්ම මෙවරත් එය ඒ අයුරින්ම උත්කර්ෂවත්ව පැවැත්වෙනවා. මේ සූදානම් වෙන්නෙ පළමු වැනි වෙඩි මුරයට..

              2014 අප්‍රේල් මාසෙ 20 වැනිදා ඉරිදා දවස

වෙන කිසිම වැඩක් දා ගන්න නම් එපා. එදාට තමයි මෙවර සිහින බක්මහ උළෙල පැවැත්වෙන්නෙ.තියෙන තැන හෙට අනිද්දට දැනගන්න ලැබේවි.

සයිබර් සිහින බක් මහ උළෙළට සමගාමිව මෙවරත් පැවැත්වෙන නිර්මාණ තරඟය ඔබ හැමටම විවෘතයි. මේ තරඟ අංශ පවත්වන්න කියලා යෝජනා කලේ ඔබමයි. ඒ නිසා හොඳ තරඟයක් දැකගන්න ලැබේවි.

මෙන්න මෙවර තරඟය ගැන සම්පූර්ණ විස්තරය

1.ඔබ විසින්ම කරන ලද නිර්මාණයක් විය යුතු වන අතර මීට පෙර තමන්ගේ බ්ලොග් අඩවියේ පලකරන ලද නිර්මාණ වුවද ඉදිරිපත් කල හැකිය. (යම් උපුටා ගැනිමක් වෙතොත් පෙර දැනුම් දිමකින් තොරව එය තරඟයෙන් ඉවත් කිරිමට විනිශ්ච මණ්ඩලයට අවස්ථාව ඇත)

2. නිර්මාණ තරඟය ප්‍රධාන අංශ නවයක් (9) යටතේ පවත්වනු ලැබේ.

- කවි (සඳැස් සහ නිසඳැස්) නිර්මාණ

- කෙටිකථා

- ගද්‍ය රචනා

- විචාර ලිපි

- චිත්‍ර

- ඡායාරූප

- ගී පද මාලා

- සිනමා විචාර

- කාටුන්

3. එක් අයෙකුට එක් අංශයකින් ඉදිරිපත් කල හැක්කේ එක නිර්මාණයක් පමණි.

4. එක් අපේක්ෂකයෙකුට තරඟ අංශ සියල්ලටම ඉදිරිපත්විය හැකිය.

5. සෑම අංශයකින්ම පළමු ස්ථාන ලබාගන්නා ජයග්‍රාහකයන්ට සයිබර් සිහින බක්මහ උළෙලේදී සමරු තිළිණ පිරිනමනු ලබන අතර 1,2 සහ 3 යන ස්ථාන ලබාගන්නා නිර්මාණ නිල බ්ලොග් අඩවියේ පළ කරනු ලැබේ.

6. සංවිධායක මඩුල්ලේ කිසිවෙකුට මෙම තරගය වලංගු නැති අතර එසේ ලැබෙන නිර්මාණ වෙතොත් එවා ඉවත් කිරිමට කටයුතු යොදා ඇති බව සලකන්න.

7. තරගයේ අවසන් තිරණය විනිසුරු මඬුල්ල සතු වේ.

8. අතින් ගෙනැවිත් දෙන නිර්මාණ හැර අනෙකුත් සියළුම නිර්මාණ මෙන්න මේ පෝරමය මගින් ඉදිරිපත් කරන්න පුළුවන්.

9. චිත්‍ර, කාටුන් සහ ඡායාරූප ගෙනැවිත් භාර දීමට හෝ තැපෑලෙන් එවීමට අවශ්‍ය අය වෙතොත් ප්‍රදීප් ගුණරත්න, අංක 88/1, වල්පොල , මුල්ලේරියාව නව නගරය යන ලිපිනයට තැපෑලෙන් හෝ ගෙනැවිත් භාරදිය හැකි අතර ඊට පෙර පහත අංක වලට අමතා ඒ පිළිබඳ දැනුම් දෙන්න. 0772099578, 0713556165.

10. චිත්‍ර - මාධ්‍යය - කැමති මාධ්‍යයක් (වර්ණ, කළු සුදු, අතින් නිර්මාණය කල, පරිගණක ආශ්‍රිත වැනි)

ප්‍රමාණය - අඟල්  18 X 14,

ඡායාරූප කඩදාසිය    :- දිලිසෙන හෝ මැට් කඩදාසි (ඕනෑම කැමරාවකින් ලබාගත් නිර්මාණ වලංගු වේ. ඡායාරූපය පිළිබඳ තොරතුරු ඡායාරූපය සමග ඉදිරිපත් කල යුතුය. උදා: Date taken and location, Dimensions, Camera, ISO, Flash (used or not used), Exposure)

ප‍්‍රමාණය     :- අඟල් 10 × 12

කාටුන් මාධ්‍යය - කැමති මාධ්‍යයක් (වර්ණ, කළු සුදු, අතින් නිර්මාණය කල, පරිගණක ආශ්‍රිත වැනි)

ප්‍රමාණය - අඟල්  10 X 12

ගද්‍ය රචනා, විචාර ලිපි සහ සිනමා විචාර මුද්‍රිත වචන 3000 කට නොවැඩි විය යුතුය.

11. නිර්මාණ භාර ගන්නා අවසන් දිනය මාර්තු 25 වෙනිදා බව සලකන්න.

12. ඔබේ පහසුව සඳහා චිත්‍ර, කාටුන් සහ ඡායරූප වල මෘදු පිටපත් (Sofr copy) පෝරමයට යොමු කරන්නේ නම්, ඒවා ඇගයීමේදී මුද්‍රිත පිටපත් ලෙස ලැබෙන නිර්මාණද සමඟ එකම කැටගරියෙහි ලා ඇගයෙන බවද කරුණාවෙන් සලකන්න.

..............................................




දැන් එහෙම නම් පටන් ගන්නයි තියෙන්නෙ ලහි ලහියේ තරඟ වදින්න...


සිංහල අවුරුද්දෙන් පසුව එළඹෙන අප්‍රේල් 20 වැනිදා...එහෙම නම් කට්ටිය ආයෙත් හමුවෙනවා.. දැන්මම රට රට වල ඉන්න අය නිවාඩු ගන්න දින තීරණය කරගෙන සූදානම් වුණොත් හොඳයි.. 

ඔබ කැමති නම්, සයිබර් සිහින බක්මහ උළෙලට ඔබේ විශේෂ අනුග්‍රහය ලබා දෙන්න. එය විද්‍යුත් ලිපියකින්(cybernewyearfestival2011@gmail.com) අපට දන්වන්න..

පවත්වන තැන, වෙලාව, එන විදිහ, සමරු කලාපය , තරඟ, තරඟ අනුග්‍රහ , මාධ්‍ය අනුග්‍රහ, සහභාගි වීමේ පෝරම සියල්ලම ගැන පිළිවෙලින් පස්සෙන් පස්සට තොරතුරු ලැබෙන තුරු ඉවසගෙන ඉන්න.නිවේදන කටයුතු වලට උනන්දුවක් දක්වන අයත් කටහඬ එහෙම හදාගෙන සූදානමින් හිටියොත් හොඳයි.

තවම කස පුපුරන්න පටන් ගත්තා විතරයි.!! මේ පාර බොහෝ දේවල් වෙනස් වන්නට නියමිතයි කියලයි ආරංචිය... අවධානෙන් ඉන්න..!!






24

අළුත් අවුරුද්දට සැරසෙමු...!

ඔන්න ඉතිං අවුරුද්දක් ගෙවිලා අළුත් අවුරුද්දක් උදාවෙන්නයි හදන්නේ. හැම අවුරුද්දක්ම වගේ මේ අවුරුද්දත් ගෙවිලා ගියා. මේ අවුරුද්දෙ වුන දේවල් ලබන අවුරුද්ද වෙද්දි අමතක වෙලා අළුත් දේවල් අපේ මතකයේ තැන්පත් වේවි. හැබැයි මේ අවුරුද්දේ බ්ලොග් ලියන කියවන අපිට කවදාවත් අමතක වෙන්නෙ නැති දවස් තුනක් තියෙනවා. ඒ තමයි ජනවාරි 27, අප්‍රේල් 21 සහ දෙසැම්බර් 21. ඒ විවිධ තැන් වල ඉන්න, රට රට වල සේවය කරන සිංහල බ්ලොග්කරුවන් එකට එකතු වෙලා කතාබහ කරලා විනෝද වුනු දවස් තුනක්. 


2011 අවුරුද්දෙ ඉඳලා හැම අවුරුද්දකම මේ වගේ දවස් කීපයක් අපේ මතකයට එකතු වෙනවා. එහෙම එකතු වෙන්න අවකාශ සලසන්නේ "බ්ලොග් අවකාශයේ මිතුරෝ" සහෘද එකමුතුව. "අන්තර්ජාලයෙන් ඔබ්බට ගිය වින්දනීය සහෝදරත්වය" කියන තේමාව පෙරදැරිව බ්ලොග් අවකාශයේ මිතුරෝ විවිධාකාරයේ සුහද හමු පවත්වනවා. එහි ප්‍රධානම හමුව විදියට සැලකෙන්නේ "සයිබර් සිහින බක්මහ උළෙල". ඒ වගේම මෙවැනි එකමුතුවක් ඇති වෙන්න මූලික කාරණයක් වුන "සමාජ සත්කාර වැඩසටහනකුත්" සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙනවා මේ වසරේ නැති වුනත්. මේ දක්වා අපි ආපු ගමන් මග ඉහල තියෙන අපි ගැන කියන ටැබ් එකට ගියොත් කියවන්න පුළුවන්.

ඉතින් මේ අවස්ථාව උදා වෙලා තියෙන්නේ ඔබට. විස්තර කරලා කිව්වොත් එළඹෙන 2014 අවුරුද්දේ "බ්ලොග් අවකාශයේ මිතුරෝ" සුක්කානම බාර අරගෙන අන්තර්ජාලයෙන් ඔබ්බට ගිය වින්දනීය සහෝදරත්වයේ බැඳීම් වර්ධනය කරන්න දායක වෙන්න කැමති ඔබට. පහුගිය අවුරුදු වල වගේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා නායකත්වය අරගෙන තවත් මේ වගේම මතකයන්, බැඳීම් ටිකක් අපේ ජීවිත වලට එකතු කරන්න ඔබත් කැමති නම්...... මෙන්න මේ ෆෝම් එක දෙසැම්බර් 31 වෙනිදාට කලින් පුරවලා ඔබේ කැමැත්ත පළ කරන්න. 


බය වෙන්න එපා. ලංකාව පුරාම ඉන්න සිය දහස් ගණනක් සහෘද බ්ලොග්කරුවන් වගේම පහුගිය අවුරුදු වල මේ වැඩ වල නායකත්වය දරපු බ්ලොග්කරුවන් ඔබට උදව් කරන්න ඔබේ පසුපසින් ඉන්නවා. එහෙමනම් අළුත් අවුරුද්දේ අළුත් වැඩ ටිකක් එක්ක හමු වෙමු. ඒ වගේම පහුගිය අවුරුද්දේ සංවිධායක මණ්ඩලයටත්, ඒ අයට උදව් දුන් හැමෝටමත් බොහොමත්ම ස්තුතියි.

යන්න කලින් අපි අන්තිමට හමුවුන දවසේ මතකයන් ටිකක් ගැන ඔත්තුවක් දෙන්නයි මේ හදන්නේ.

මෙන්න පින්තූර ඇල්බම්.
01. ජනරඟ 
02. සිහින 
03. බනී 01 
04. බනී 02 
05. වෙනිවැල් 01 
06. වෙනිවැල් 02
07. යසන්ත 
08. දේවා
09. අයේෂා 01 
10. අයේෂා 02 
11. තරුවා 
12. සසිඳු 01
13. සසිඳු 02 
(සමූහ ඇල්බම් දමා ඇති නිසා එකම ඇල්බම් එක තැන් දෙකක ටැග් වී තිබිය හැක)

බ්ලොග් පෝස්ට්
01. ලියන්නා
02. සිතැඟියාව 
03. තහනම් අඩවිය
04. හත්පෙති මල 
05. අටම්පහුර  
06. මුදියා නොහොත් සමියා 
07. සිතුවිලි හන්තාන 
08. සසිඳු 
09. බොර දියක ඉඳුවර 
10. දේව්ගේ අඩවිය 
11. සුවිසැරිය 
12. අඟහරු අඩවිය
13. නදී නිම්නය 
14. ඇවිද්ද පය 

 වීඩියෝ


03. ගයාන් තාරක
04. අනුෂ්ක ලක්මාල්
05. සුවිසැරිය
06. ගෙම්බාගේ ගීතය

පත්තරේ විස්තරේ
01. දිනමිණ
මේ දන්න ටික. තව තියෙනවා නං කමෙන්ට් කරන්න. එහෙමනම් අළුත් අවුරුද්දේ අළුත් නායකත්වයක් එක්ක හමුවෙමු. 

සුබ නත්තලක්....! සුබ අළුත් අවුරුද්දක්....!
Back to Top