පුංචි කාලයක් යටපත් වෙලා තිබුනු සොඳුරු සිහිනය ආයෙමත් පෙනෙන්න පටන් අරගෙන.. සිහිනය දකින්න හරියටම දවස් 18යි.... කට්ටිය දුවගෙන එන්න.... අපේ සිහින බක්මහ උළෙලට ගොඩ වදින්න... දැන් කියන්න යන්නේ ඒ ගැන සම්පූර්ණ විස්තරය....
ඔක්කොටම කලින් පහත ෆෝරමය පුරවා ලියාපදිංචි වෙන්න....
ඊට පස්සේ ඔබට විද්යුත් තැපෑලෙන් එන අංකය කොහෙ හරි ලියාගන්න, නැත්නම් සේව් කරගන්න... මොකද ඒ අංකය මත තමයි ඔබට එහි පිවිසීම තීරණය කරන්න වෙන්නේ.... අපි කරන අහිංසක වෑයම සාමකාමීව ඉටු කර ගැනීම සඳහා ගත්තා වූ මේ ප්රයත්නයට ඔබේ සහයෝගය ඉතා ඉහලින් අපි බලාපොරොත්තු වෙනවා...
මෙන්න අනෙක් කාරණය... ඔබ බොහෝ දෙනෙක් අපෙන් ඉල්ලා සිටි පරිදි තම තමන්ගේ බ්ලොග් වල පල කිරීමට බැනර් එකක් ලබා දෙන්න සංවිධායක කමිටුව තීරණය කරලා තියෙන්නේ.... පහත කෝඩ් එකෙන් එම බැනරය ඔබේ බ්ලොග් අඩවියට ගැලපෙන ප්රමාණයට අනුව ඇතුලත් කරගන්නට පුළුවන්..... එය ඇතුලත් කිරීමෙනුත් මේ සඳහා ඔබේ සහයෝගය ලබා දෙන්නට පුළුවන්....
සාමාන්ය ප්රමාණය
<a href="http://cyberfestival.blogspot.com/" target="_blank"><img src="http://lankeeya.lk/jd/cyber.jpg" border="0"></a> අහ්...අමතක උන තවත් කාරණයක් තියෙනවා... ඒ තමයි අපිට අනුග්රාහක මහතුන් සොයන එක.. ප්රධාන අනුග්රහය රුපියල් 100000.00ටත් සම අනුග්රාහකත්වය රුපියල් 25000.00 ටත් මිළ නියම වෙලා තියෙනවා... ඒ වගේම ප්රචාරක බැනර රුපියල් 10000.00 ක අය කිරීමකින් පසු ප්රදර්ශනය කරන්නයි සූදානම් වෙන්නේ.... තම තම හැකි පමණින් දෙන ප්රදානයන්ද භාර ගැනීමට අවශ්ය කටයුතුත් අප සලස්වා තිබෙනවා.. අවශ්ය ලියකියවිලි කලින් දන්වා තිබූ දුරකතන වලට ඇමතීමෙන් ලබාගත හැකිවේවි... මේ සමගම කිව යුතු තවත් දෙයක් තියෙනවා... මේ එකතු වෙන මුදලින් අපේ මේ සිහින බක්මහ උළෙලට අවැසි වියදම් දැරුවාට පසුව ඉතිරිවන සම්පූර්ණ මුදල සිහින බක්මහ උළෙලේ සුපින්බර අරමුණ වන දිලුම්ගේ (ඉලංදාරියාගේ) ශළ්යකර්මය වෙනුවෙන් ලබාදෙන්නට තීරණය කර තිබෙනවා....
එහෙමනම් අද කිවයුතු ටික අවසන්.... අවුරුදු ක්රීඩා කරලා ඩීජේ සංගීතයට නටලා කවදාවත් නොදැකපු අපි අඳුරගෙන විනෝදයෙන් දවස ගෙවන්න ඔබත් පැමිනෙයි කියලා අපි විශ්වාස කරනවා.. අද පටන් දින දෙකකට වරක් සයිබරයේ සිහින බක් මහ උළෙලෙහි නිළ බ්ලොග් අඩවිය වන මෙම අඩවිය යාවත්කාලීන වේවි... සෝදිසියෙන් ඉන්න.... ජීවිතයේ අමතක නොවන තවත් දිනයකට පා නගන්න සූදානම් වෙන්න....