සයිබර් සිහින බක්මහ උළෙල අවසන් වෙනකොටම බොහෝ දෙනෙක් අැහුවෙ ඊළඟට මොකද වෙන්නෙ කියලා. මේ සුභාරංචිය ඒ ගැන. ඔන්න බ්ලොග්කරුවන්ගේ ඊළඟ සුහද හමුව ලහි ලහියේ සූදානම් වෙනවා. වෙන කොහෙවත් නෙමෙයි දකුණු පළාතෙ අපිට හුරු පුරුදු පැත්තක.
ඔබට මතක නම් 2012 අවුරුද්දෙ ජනවාරි මාසෙ 7 වෙනිදා සිංහල භාෂාවෙන් බ්ලොග්කරණයේ යෙදෙන අපේ කට්ටිය ගාල්ල රූමස්සල වෙරළ තීරයේදි හමුවුනා. පොඩිමෑන්, අනුෂ්ක, ජනරඟ ඇතුළු දකුණේ අපේ කට්ටිය ඒ කටයුත්ත බොහොම ලස්සනට සැලසුම් කරල තිබුනා.
ඔන්න මෙදා පාර බ්ලොග් ගෙට්ටුව තියන්න හදන්නෙ එතන. සුපුරුදු රූමස්සල වෙරළ තීරයේදි. දකුණෙ කට්ටිය ඒ පැත්තෙන් එකතු වෙද්දි කොළඹ සහ අනිත් පළාත් වල උදවිය කොළඹදි එකතු වෙලා බස් රථ එකකින් හෝ දෙකකින් ගාල්ලට යන්නයි බලාපොරොත්තුව.
කට්ටිය මොකද කියන්නේ? දැනට යොදාගෙන තියෙන දිනය ජූනි මාසෙ 15 වෙනි ඉරිදා. ගමනාගමනයට සහ කෑම බීම වෙනුවෙන් යම් මුදලක් වැය කරන්න සිදු වේවි. ඒ ගැන විස්තර පසුව කියන්නම්.
කොහොම වුනත් එදා දවස බ්ලොග් අවකාශයේ මිතුරෝ එක්ක ගතකරන්න කැමති අයගේ සංඛ්‍යාව මේ වැඩේ සැළසුම් කරද්දි අපිට ගොඩක් වටිනවා. ඒ නිසා හැමදාම වගේ මෙන්න මේ පෝරමය පුරවන එක අපට පහසුවක් වේවි.
එහෙමනම් වැඩි විස්තර එක්ක ඉදිරියේදී හමු වෙමු.
තවත් කාරණයක්. මේ කටයුත්ත සාර්ථක කරගන්න නම් අපේ දකුණු පළාතෙ සහෘද බ්ලොග්කරුවන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය වෙනවා. මේ කටයුත්තට ක්‍රියාකාරීව දායක වෙන්න දකුණු පළාතේ පදිංචි ඔබ කැමතිනම් සංවිධායක මණ්ඩලයේ කෙනෙක් අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්න කැමතියි.
2012 ගාල්ල ගෙට්ටුවේ ඡායාරූප - අපේ ඉසව්ව සහ දේව්ගේ අඩවිය බ්ලොග් අඩවි වලින්.
33 comments:
කැමැති.. :3
එල ඈ :D
වැඩිපුර ඇදුම් අනිවාර්යයි :3
අන්තිම පුරස්නෙට උත්තරේ එහේදි හොයාගම්මු ඈ
මම ගාලු දුවන්ඤයි හනිකට කොළඹ දුවන්ඤයි...
ෆෝම් එක තාම පුරවන්න බෑ! බලමු... ෆුල්ම ෆුල් ට්‍රයි එක දෙන්න ඕනේ!
එළ.. මේපාරත් උපරිම සහයෝගය දෙන්නම්!!
එළනේ...... දිනේ තව සතියකට කල් දාගන්න බැරිද සෙනසුරාදාවක් වුණොත් වඩාත් හොදයි නේද? නැතිනම් සදුදට වැඩට යන අයට අපහසුයි..... 21 වගේ වුණානං පංකාදුයි.
ඉරිදා දවස්වල දාගන්න එපා. සෙනසුරාදා දවස දාගන්න..
ඔය ගාලු යන බස් එකක් ඇඹිලිපිටිය පැත්තෙන් දාන්න බැරිද? :D
මේකටනම් එන්න බැරිවෙයි.
අවුරුදු උත්සවෙයි ගෙට් එකයි අතර පරතරය මාස දෙකක්වත් නෑ
මගේ යෝජනාවනම් හැම අවුරුද්දකම ගෙට් එක දෙසැම්බර් මාසයට ගන්න එක සුදුසු බවයි. දෙසැම්බර්, විදේශගත බ්ලොග් කාරයින් බොහෝ දෙනෙකුට නිවාඩු ලැබෙන මාසය. ඒ වගේම ජූනි කියන්නෙ වැසිබර මාසයක්.
හැමදාම එකම තැන්වල හමුවීම ගතියක් නෑ. බීච් පාටිනම් අවශ්‍ය කළුතර / හලාවත එහෙමත් සලකා බලන්න පුළුවන් නේද..?
මටත් එක්ක අරන් වරෙන්... :v
දවස අවුලක් නැහැ... අගෝස්තු ලං නොවෙන තරමට හොඳයි ^_^
ඕන නෑ අපි එනවනේ ඔහේ 12 වැනිදා සංවත්සරේ සමරන්න...
මෙය ගෙට් එකක්මත් නොවේ මචං ට්‍රිප් එකක්......
දුප් පොඩි එකා ගෙදරට වෙලා පාඩං කරකර හිටපං මේවායේ එන්නේ නැතුව.
එන්න උපරිම ට්‍රයි කරනවා. පොඩි ප්‍රශ්ණ ටිකකට හිරවෙලා ඉන්නෙ. කොහොම උනත් ජයවේවා
ටික කාලයකට මේ හැමදෙයකින්ම ඇත් වෙන්න සිදුවෙලා තියනවා රාජකාරි වැඩත් එක්කම. පුලුවන් උනු ඉක්මනින්ම ඊලග එවත් එක්ක එකතු වෙන්නම්
සුමිත් විතරයි අපි ගැන හිතුවෙ..
අම්මට සිරි මෙච්චර ඉක්මනට?? ගින්දරනේ...අනිවා එමි
මෙහෙම සෙට් වීම් වැඩි උනාම අගයක් නැතිවෙනවා
සිහින මලයගෙ කථාව තමයි මටත් හිතෙන්නෙ....මේ හමුවීමට යම් අගයක් එකතු විය යුතුයි. බීලා මූදෙ නාන්න කියන අරමුණ නෙමෙයි තිබිය යුත්තෙ...
ල
දිනය හොදටම ලඟ වැඩියි >:( එන්න වෙන්නෙ නෑ :(
15 දින මට සහභාගි විය නොහැක කලින්ම යොදා ගත් වැඩක් යෙදී ඇත. කමක් නෑ ඔයාලා යන්න. අනනිත් ඒකකටට මං සෙට් වෙන්නං
ඔය නාකි හැත්ත බුරුත්ත එක්ක පෑහෙන්න අපි වගේ කොල්ලන්ට පුලුවන්ද.
ගමනාගමන අපහසුව සහ පසුදින වැඩකරන දිනයක්වීම නිසා එන්න බැරිවෙනවා.
:/ එහෙමෙයි කියලා මෙවුවා මිස් කරන්න පුළුවන් ද :/
යටට අඳින එකක් වෙන්ටැ...
සුබපැතුම් එක් කරන්නෙමි. නාකිමිනිස්සු එක්ක පෑහිලා විනෝද වෙන්න මං වගේ කොල්ලෙකුටත් බෑ. ඊටත් ඈතින් සිටින මටත් එන්න අවස්ථාවක් නෑ. මේ නාකි මිනිස්සු දකින්න කතා කරන්න බොහොම ආසාවක් තිබුණත් කරන්න දෙයක් ඇත්තෙම නැති තරම්. හමුව සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න සුබපතන්නෙ ඒ නිසයි
VIP ,.....
තව දවස් 62 යි... කෝම සෙට් වෙන්නද... :/
එන්න නම් ආසයි .... එත්
Post a Comment