33

සුන්දර සයිබරයේ සිහින සැණකෙලියට පිනෙන් පිරුණු අරමුණක්.......

දවස 2011 අප්‍රේල් තුන් වෙනිදා.... තිඹිරිගස්යායේ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනයට අපි කවුරුත් එකතු වෙන්නෙ විනෝද වෙන්න.... දැනටමත් එහි සියල්ල සූදානම්.... ඔබ වෙනුවෙන් වූ තරඟ, තෑගි, දිවා ආහාර, ඩීජේ සංගීතය ආදී මෙකී නොකී ගොඩාක් දේවල් සියල්ල ඔබ වෙනුවෙන් සූදානම් වෙමින් සිටින්නේ... එදාට එන්න... අපි විනෝද වෙමු ගොඩාක්....

ඒත් අපි විනෝද වෙද්දි අපේ එකෙක්... ඔව් අපේ එකෙක් තමයි.... අපි වගේම බ්ලොග් එකක් ලියාගෙන මූණු පොතෙන් හඳුනාගෙන තවත් එක් සුන්දර සයිබර් මිතුරෙක් වෙච්ච අපේ ඉලංදාරි කොල්ලා, දෛවය හරස් වෙච්ච ඔහුගේ ජීවිතය ජය ගන්න සටන් කරන්න පටන් අරන්... එහෙව් ඌ තනිකරලා අපිට විනෝද වෙන්න පුළුවන්ද? ඔබට පුළුවන්ද? අපි හිතන්නෙ බෑ.... මිනිස්කමේ සුවඳින් පිරිච්ච ශ්‍රී ලාංකික අපේ හදවත් ඉලංදාරියා අමතක කරලා විනෝද වෙන්න අපිට ඉඩ දෙන්නෙ නෑ කියලා අපි දන්නවා.....

ඉතින් මේ සයිබර් උළෙළ ඉලංදාරියා සනීප කරන ව්‍යාපෘතියක් බවට පත් කරන්න අපි තීරණය කලා... සයිබර් උළෙලට අවශ්‍ය සියළු වියදම් අපි දැනට හොයාගෙන අවසන්.... ඒ නිසා මේ අවස්ථාවෙන් එහාට ලැබෙන හැම සතයක්ම අපි ඔහු වෙනුවෙන් ලබා දෙන්න සූදානම්.... අද පටන් මේ සයිබරයේ සිහින උළෙල දැවැන්ත ව්‍යාපෘතියක්.... බ්ලොග් ලියන කියවන අපි ඔයාලගේ හිතේ හයියට අරුතක් එකතු කරන පින්වත් මංගල්‍යයක්.... අපේ ධෛර්යය සතුටු කඳුළු කරන්නට අපි එක් සිතින් පියවර තබමු...... වැඩේ වෙන්නෙ මෙහෙමයි....

පළවෙනි සහ මූලික පියවර ලෙස අපි දකින්නේ අපි විසින්ම ඔහු වෙනුවෙන් පෞද්ගලිකවම කරන්නට අදහස් කරන පරිත්‍යාග.... අප්‍රේල් තුන්වෙනිදාට හෙන්රි පේද්‍රිස් පිට්ටනියේ තිබෙන ආධාර පෙට්ටියට ඔබට කැමති ඕනෑම ගනනක් දාන්න පුළුවන්.... ඔබ ඒ වෙනුවෙන් ලබා දෙන රුපියලෙන් වුවත් ගොඩ නැගෙන ජීවිතය ඔබේ ඇසට සතුටු කඳුලු ගෙනේවි....

දෙවෙනි පියවර... ඔබ වැඩ කරන ආයතනය... එහෙම නැත්නම් ඔබේ හැඳුනුම්කම් තියෙන ආයතන ඔබ හඳුනන පින්වතුන්, දාන්පතීන් මේ සියල්ල මේ සුපින්වත් අරමුණ වෙනුවෙන් ගොනුකිරීමයි.... මේ සඳහා අවශ්‍ය ලියකියවිලි පහත දැක්වෙන දුරකථන වලින් ඔබට ගෙන්නා ගන්න හැකි වේවි.... සයිබර් උළෙල සඳහා දැනටමත් අපි රුපියල් 5000.00ක බැනර් අළෙවි කරන්න අපි තීරණ කරලා තියෙනවා.... අපිට හැකි තරම් බැනර් එකතු කරන්න අපි හිතාගමු....

තුන්වෙනි පියවර... ඉහත වැඩ සටහන් දෙකට අමතරව ඔබට දිය හැකි උපකාර තමයි මේ ගනයට වැටෙන්නේ.... ඒ උපකාරයන් පහත කමෙන්ට් හරහා වැටෙයි කියලා තමයි අපි හිතන් ඉන්නේ.....

එන්න එකතු වෙන්න... අපේ විනෝදය අර්ථවත් කරන්න... අද ඔහුට වුන දේ හෙට අපිට වෙන්න පුළුවන්... ඒ සැම දෙයක් වෙනුවෙන් වූ සයිබර් සහෝදරත්වය වෙනුවෙන් අත්වැල් බැද ගන්න දුවලා එන්න.... මේ බ්ලොග් පෝස්ට් එක නිමා කරන්නේ අපූරු පද පෙලකින්..... ඒක අපිට ලියලා එව්වේ රචින්ත ජයවර්ධන සොහොයුරා.... චිත්‍රෙ ඇන්දේ බුද්ධි ප්‍රසාද් සොහොයුරා..

තෙවැනි දිනට යෙදෙනා බක් මහේ සරූ
සයිබර් හිතවතුන් හා එක්වෙති මිතුරූ
බස් බ්ලොග් තුලින් පමණක් නොව එන කවුරූ
ට්විටර් වත්පොත් ද පිලිගමු සිතින් සරූ


බ්ලොග් ලුහුබැඳ කමෙන්ට් දමා කර  වාද
සංවාදෙන් කවුරුන් හෝ දිනුවාද?
මරු කොර එළ සිරා අදහස් වැටුනාද?
බ්ලොග් හිතවතුන් එදිනට හමුවෙමු නේද?


මූණුපොතේ සරි කවිකම් පාමින්නා
විඳීම් ලොවේ මිතුරන් එදිනට එන්නා
අන්තර්ජාලෙ සාජ්ජේ ට්‍රෙන්ඩ් කරමින්නා
ට්වීට් කරන්නොත් එදිනට සෙට්වෙන්නා


Buzz පවුලක්ය සිත් සරියට සරිවේයා
මරණේ, දිල්, තිසා අයියත් සිහිවූයා
Google සිටම උන් හට හෙළ වදන් වියා
Buzz සෙට් එකත් තුන්වෙනිදා එක්වේයා


කර්ම ඵල සමග මිනිසුන් හට කවර
නොයෙකුත් විපත් එයි මේ රුදු දිවි කතර
එදිනට විත් හැකි උපරිම දෙයක් කර
හිතවත් "ඉලං" හට සවියක් වෙමු මිතුර....


අපව අමතන්න...
     0714449162      අභීත
     0718689555      නිශාන්ත
     0773652592      අසංක



ඉලංදාරියා කොල්ලෝ..... අපි උඹව ගොඩ දානවා කොහොම හරි.....







ප.ලි. හෙට (2011.01.31) බ්ලොග්වල ඉලංදාරියාගේ දිනය බවට තීරණය කරමු.... බ්ලොග් ලියන අපි හැමෝම ඔහු වෙනුවෙන් හෙට අපේ බ්ලොග් වල පෝස්ට් එකක් දාමු....

33 comments:

වැප් said...

එදාට එන අයට රුපියල් 1000 හෝ 2000 ටිකට් පොතක් දුන්නා නම්...... ඒක අලෙවි කරලා ....... කෙලින්ම ඉලංදාරියාගේ ගිණුමට දාන්න පුලුවන් .......

Unknown said...

ඉලංදාරියා කොල්ලෝ..... අපි උඹව ගොඩ දානවා කොහොම හරි

රත්ගමයා said...

නියමයි...ඔය සීන් එක මගේත් ඔලුවේ තිබ්බා..මම හිටුවේ උලෙලට එකතු වෙන මුදල ඉලන්දාරියට දෙන්න පුලුවන් වෙන වැඩක් කරන්න...ඒත් මෙහෙම කරත් අසාර්තක වෙන්නේ නෑ....ඔව්...අපි මූව ගොඩ දානවා.....
ජය වේවා!!!

නෙරංජි සුලක්ඛනා said...

මේ අදහස නම් අනර්ගයි....

නිසල් said...

නියම අදහසක්.ඉලන්දාරියා වෙනුවුන් :)

පූසා said...

එළ ඕන එකකට අපිත් සපෝට් කරනවා.....

කාංචනා අමිලානි said...

ඉලන්දාරියාට උදව් කරන්න කට්ටිය එකතු වෙනවා දැකලා සතු‍ටු හිතුනා.මමත් හැකි උපකාරයක් කරන්නම්.

දුකා said...

මේ වැඩේ නියමයි.

මේ සයිබර් පවුලේ එකමුතුව හා ඒ එකමුතුවේ ශක්තියෙන් සිදු කිරීමට තනන මහඟු කාරිය අපේ රටේ සයිබර් ලෝකය ගැන තිබෙන හුඹස් බිය නැති කිරීමේ මූලිකම උදාහරණය වේවී කියා සිතේ . .

Anonymous said...

අපිට පුලුවන් උපරිමයෙන් අපි සහය දක්වමු :D

lakmini madhavi said...

aniwaryen me wade sarthaka wei .mama nam tikak dura eath asai udaw wenna

~ChAnDiKa~ said...

අපි අපිට පුලුවන් හැම සහයෝගයක්ම දෙනවා සහෝ!!!

සසඳ said...

වැඩිපුර බ්ලොග් පැත්තෙ කරක් නොගැහුවට ඔන්න මමත් එක පයින්ම ඉන්නව උදවුවට. අර්ථවත් යමක්නම් සසඳය එක පයින්...
කොහොමහරි ගොඩයමු ඉලංදාරි මලයෝ... ඔබට ජය

හා පැටික්කි (MS) said...

සහයෝගය හැකි උපරිමෙන් දෙන්න බලාපොරොත්තු වෙනවා...... නාවත් ආවත් වෙනසක් නැතුවම.......

asela said...

elz kollane onna math sup 1kata awa....

Unknown said...

apenuth supp..!

BLOG ගඩොල් said...

නියමයි!! අපිත් පුලුවන් හැම උදව්වක්ම කරනව සහෝ!!!

මල් මාමා said...

අනිවා.............. අපගේ සහාය ඔබට.....

dinesh said...

සැණකෙළි සහයෝගයට අමතරව අනිවා,අපිත් හැම සප් එකක්ම දෙනවා.

C0de BlUe said...

කරන්න පුලුවන් හැමදෙයකටම සප් එක අපෙන් ...

චේ උන්නැහේ... said...

මගෙත් උපරිම සප් එක දෙනවා... ඉලන්දාරියෝ... උඹ ගොඩගියා කියලා හිතාගනින්........

෴ හසියා ෴ said...

අපි....අපි නැතිනම් උඹට කවුරු උදව් කරන්නද? කරන්න පුළුහන් හැමදේම කරනවා සහෝ....

Gune aiya said...

මාගෙ පුර්ණ සහයොගය මේ සඳහා ලබා දෙමි

හසිත මදුශංක said...

කරන්න පුලුවන් ඕනෙම උදව්වක් කියන්න. මම කරන්නම්.

FOX Creationz said...

අපි පුලුවන් උපරිම සහයෝගය දෙනවා!!!

Beetle said...

මේක කියවද්දි මගේ හිතට ආව අදහස්...ටිකට් විකුණන අදහසට එකතුකිරීමක් විදියට ...

1. අවුරුදුඋත්සව වල සමහර තරඟ තියෙනවා නේද මුදල් ගෙවා සහභාගී විය යුතුයි... ඒ වගේ තරඟ කිහිපයක් ඇතුල් කරලා තරඟකරුවන්ගෙන් ලැබෙන ආදායම ඉලංදාරියාගේ අරමුදලට බැර කලානම් සහභාගීවෙන අයට පැරදුනත් සතුටක් හිතේවි...

2. කම්පැණි වල රු.5000/- ගානේ බැනර් ලබා දෙනවා වගේ බැරිද බ්ලොග් අඩවි වලට තමන්ගේ ප්‍රචාරක බැනර් ලබාදෙන්න...ගාන වැඩිනම් එක රෑනේ කල්ලිගැහෙන බ්ලොග් කිහිපයකට එකතු වෙලා එක බැනර් එකක් ගන්න වුනත් පුළුවන්නේ... ගාන අඩුවුණොත් සිංහලබ්ලොග් අනුග්‍රාහකයෝ ඉඳීවි... තමන්ගේ බ්ලොග් අඩවිය ප්‍රදර්ශණය වෙද්දි පුංචි ප්‍රචාරක අවස්ථාවක් ලැබෙන නිසා ඉලංදාරියාට උදව් කරන සතුටට අමතර සතුටකුත් එකතුවේවි......

3. සිංහල බ්ලොග් අවකාශයේ දක්ෂම නිර්මාණකරුවෝ කිහිප දෙනෙක් එකතු වෙලා ලස්සන නිර්මාණයක් හදලා වෙන්දේසි කලොත් සල්ලි අතේ තියෙන කෙනෙක් ගන්නේ නැතුව ඉන්න එකකුත් නැහැ... ඒක ගෙදර තියෙද්දි "ෂා ලස්සන නිර්මාණයක්...කොහෙන්ද මේක...?" කියලා දකින අහද්දී ගත්ත කෙනාට ඒගොල්ලට කියන්න ඒ නිර්මාණයත් එක්ක බැඳුනු ලස්සන කතාවක් තියේවි...

4.සිංහල බ්ලොග් අවකාශයේ ලස්සනම නිර්මාණ ටිකක් එකතුකරලා පොතක් මුද්‍රණයකරලා විකිණුවොත් ඒ ආදායම ඉලංදාරියාගේ අරමුදලට බැර කරන ගමන්ම බ්ලොග් වලට වඩා තවමත් වැඩි පාඨකයෝ පිරිසක් ඉන්න මුද්‍රිතමාධ්‍යයට මේ නිර්මාණ මුදාහැරලා අතිරේක පිරිසක් සිංහල බ්ලොගවකාශයේ රසිකයෝ කරගන්න බැරිවෙන එකකුත් නැහැ...

මේවා කොච්චර ප්‍රායෝගිකද මම දන්නේ නැහැ... ඉලංදාරියාට යහපතක් වෙනවානම් කියන අදහසින් ලිව්වේ... ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියලා සංවිධායක මණ්ඩලයට තමයි තීරණය කරන්න පුළුවන්....

ස්තූතියි...

නිශ් said...

එළ එළ මමත් උදව් කරන්නව ඕන දේකට

Praසන්ன said...

මගෙත් පුර්ණ සහයෝගය මේ සඳහා....

Yohan Kanishka | යොහාන් කණිෂ්ක said...

අපෙනුත් උපරිම සප් එක.

Dragon said...

නියම වැඩක්.මගෙනුත් උපරිම සහයෝගය.

Buddhi said...

කමෙන්ට් නොකලට මේ ගැන අපි උපරිම සහයෝගය දෙනවා...

eසිංහලයා said...

අපෙත් සහයෝගය ඉලංදාරියාට...................

හිස් අහස said...

අපිත් සප් එක දෙන්නම් ..

පිස්සු පුසා said...

අනිවා ....සහයොගය මගෙනුත්

Post a Comment

Back to Top