3

කිරි ඉතිරේවා නව වසරේ


          ඔබ සැමට සාමය සතුට සෞභාග්‍ය සපිරි, සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වන , අතමිට මිල මුදල් යහමින් ගැවසෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවායි යන ප්‍රාර්ථනයත් සමගින් මේ මතක් කරන්න යන්නේ සයිබර් සිහින බක්මහ උළෙලේ අලුත්ම විස්තර.

         ඔයාල හැමෝම දැනටමත් දන්නවා ඇති මෙවර
සයිබර් සිහින බක්මහ උළෙල කවදා කොතැන පවත්වනවාද යන්න වග, ඒත් මේ මතක් කිරීම සයිබර් සිහින බක්මහ උළෙල පිළිබද නොදන්නා කෙනෙකු වෙතොත් ඔහු හෝ ඇය වෙනුවෙන්මයි.මෙවර සයිබර් සිහින බක්මහ උළෙල පවත්වන දිනය හා වේලාව වෙන්නෙ අප්‍රියල් මස 19වෙනි ඉරිදා උදේ 9ට, පවත්වන ස්ථානය ගැන කියනවනම් ගොඩක් අයට හුරු පුරුදු තැනක තමයි අපි මෙවර සයිබර් සිහින බක්මහ උළෙල පවත්වන්නේ, ඒ කියන්නෙ 2012 සයිබර් සිහින බක්මහ උළෙල පැවැත්වූ වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගණය.කුරේ ක්‍රීඩාංගණයට එන්න පාර නොදන්න කෙනෙක් ඉන්නවනම් පහලින් තියන ගූගල් මැප් එකේ තියනවා කුරේ ක්‍රීඩාංගණය පිහිටා තිබෙන ස්ථානය.

View Larger Map

       වැල්ලවත්ත HSBC එකට ටිකක් ඉදිරියෙන් තියන Fredrica පාරේ මීටර් 200ක් විතර ගිහින් වමට හැරුනම ක්‍රීඩාංගණයට ඇතුළුවන දොරටුව තියනවා.19 වෙනිදා එනකොට සයිබර් සිහින බක්මහ උළෙලට ලියාපදිංචි උනාම ඔයාලට ලැබුනු අංකයත් මතක තියාගෙන එන්න.එදිනට බක්මහ උළෙලට ඇතුලත් වීමේදී රු200ක් ගෙවා ප්‍රවේශපතක් මිලදී ගැනීමට සිදුවන අතර එදිනට ඔබට දිවා ආහාරය හා හවසට කෙටි කෑම වේලක් නොමිලේ සපයනු ලැබේ.


       පසුගිය වසර වලදී මෙන්ම මෙවරත් දිවීම, කණා මුට්ටි බිදීම, කඹ ඇදීම, අලියාට ඇස තැබීම, අවුරුදු කුමරා හා කුමරිය වැනි තරග ඉසව් රාශියක් පැවැත්වේ.2015 සයිබර් සිහින අවුරුදු කුමරා හට වටිනා ජංගම දුරකථනයක් හා වටිනා ටීෂර්ට් එකක් ලබාදෙන අතර අවුරුදු කුමරිය හට ලේඩීස් වෙතින් ලබාදෙන ත්‍යාග පාර්සලයක් හා රයිස් කුකරයක් ලබාදෙන බව විශේෂයෙන් මතක් කල යුතුයි.ඊට අමතරව පිරිමි දිවීමේ තරගය සදහා විදුලි පංකාවක්, ගැහැණු දිවීමේ තරගය සදහා රයිස් කුකරයක්, කණා මුට්ටි බිදීම සදහා විදුලි පංකාවක්, බනිස් කෑමේ තරගය සදහා ගෑස් කුකරයක්, බැලුම් පිපිරවීම සදහා ගෑස් කුකරයක් හා අනෙකුත් තරග සදහාද මින් පෙර කිසිදු
සයිබර් සිහින බක්මහ උළෙලක ලබා නොදුන් ඉතා වටිනා ත්‍යාග රැසක් ජයග්‍රාහයන් හට ලබාදෙන බව මතක් කිරීමට කැමතියි.

     තවමත් ඔබ සයිබර් සිහින බක්මහ උළෙලට ලියාපදිංචි වී නැතිනම් දැන්ම පහතින් දක්වා තිබෙන ෆෝම් එක පුරවා ලියාපදිංචිවන්න.


      එසේම සයිබර් සිහින බක්මහ උළෙල ගැන ඔබේ මිතුරන් දැනුවත් කිරීම සදහා මෙම පෝස්ට් එක මුහුණු පොතේ ෂෙයාර් කරන මෙන් හා සයිබර් සිහින බක්මහ උළෙල සදහා නිර්මාණය කරන ලද විජට්ටුව ඔබගේ බ්ලොග් අඩවියට ඇතුලත් කරගන්නා මෙන් අප ඔබගෙන් ඉල්ලා සිටිනවා.විජට්ටුව සදහා ආදල කෝඩ් එක පහතින් දක්වා ඇත.

<object width="230" height="300" data="https://googledrive.com/host/0BzlR-xXs501WVzNDc25QQklyd2c/2015cyberfestival.swf"></object>

     වෙනදා මෙන්ම මෙවරත් සයිබර් සිහින බක්මහ උළෙලේ මාධ්‍ය අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන්නේ බස් රේඩියෝව බවත් මතක්කල යුතුමයි.එමෙන්ම ත්‍යාග සදහා අනුග්‍රහය දැක්වූයේ නෙළුම් යාය සංවිධානය, නාවල චානක ඉලෙක්ට්‍රිකල්ස් ආයතනය, රාජගිරියේ සෙන්ට්‍රල් රිකවරීස් ආයතනය, රිද්ම කසුන් මහතා හා දේවක සදරුවන් මහතාය.ඔවුන් සියලු දෙනාම මෙහිදී ස්තූතිපූර්වකව මතක් කල යුතුය.එසේනම් අප්‍රියල් 19 වෙනිදාට හමුවෙමු.
6

සයිබර් සිහින බක්මහ උළෙලේ අලුත්ම විස්තර

       මේ මාසෙ 1 වෙනිද අපි ඔබට අවස්ථාවක් ලබාදුන්නා සයිබර් සිහින බක්මහ උළෙල පවත්වන්න සුදුසු දිනයක් යෝජනා කරන්න කියල, ඉතින් ඔයාල ඒ යෝජනා කරපු දිනයන් වලින් මාර්තු 3න් වැනිදා නැත්තන් ඊයෙ දවස වනවිට වැඩි දෙනාගේ කැමැත්ත වෙලා තිබුනු දිනය "අප්‍රියල් 19"වෙනිදා තමයි සංවිධායක මණ්ඩලය විසින් තෝරාගත්තෙ සයිබර් සිහින බක්මහ උළෙල පවත්වන්න.
      ඊලගට ඔයාලට ප්‍රශ්නයක් ඇති දිනය කිව්වට පවත්වන ස්ථානය කිව්වෙ නෑනෙ කියල, මේ කියන්න යන්නෙ ඒ ගැන තමා.මෙවර බක්මහ උළෙල පවත්වන ස්ථානය අපිට බොහොම හුරුපුරුදු ස්ථානයක්, ඒ මොකද කියනවනම් අපි 2012 වසරේ බක්මහ උළෙල පවත්වපු වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයම තමා මෙවරත් තෝරාගත්තේ 2015 සයිබර් සිහින බක්මහ උළෙල පවත්වන්න.

      මේ අවුරුද්දෙත් සයිබර් සිහින බක්මහ උළෙලට සහභාගී වෙන්නේ කවුද කියලා දැනගන්න එක සංවිධායක මණ්ඩලයට විශාල පහසුවක්. ඒ නිසා අප්‍රියල් 19වෙනිද සයිබර් සිහින බක්මහ උළෙලට සහභාගි වෙන සියඵදෙනාම මෙන්න මේ ෆෝම් එක අප්‍රේල් 18 වෙනිදාට කලින් පුරවලා සයිබර් සිහින බක්මහ උළෙළට ඔබගේ පැමිණීම තහවුරු කරන්න.


ඊට පස්සෙ වැඩිදුර තොරතුරු ඔබට ඊ මේල් මගින් දැනගන්න ලැබේවි. කොහොම වුනත් සයිබර් සිහින බක්මහ උළෙලේ දිවා ආහාරය, පානීය ජලය සහ ඇතුලත්වීමේ ගාස්තුව වශයෙන් රුපියල් 200/= ක මුදලක් ඔබට වැය කරන්න සිදු වෙන බවත් මතක් කරන්න අවශ්‍යයි.

      වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයට එන්න පාර නොදන්න කෙනෙක් ඉන්නවනම් පහල තියන සිතියමේ තියනවා කුරේ ක්‍රීඩාංගනය පිහිටා තියන ස්ථනය. 


View Larger Map
  
සයිබර් සිහින බක්මහ උළෙලේ තවත් අලුත් තොරතුරු රැසක් සමගින් ඉක්මනින් හමුවෙමු.
 
Back to Top