28

ඉක්මනට එන්ඩෝ.... මෙන්න පටන්ගත්තෝ......

ඔන්න කවුරුත් ගම්පහ පැත්තේ ගිහිල්ල අලුත් අවුරුද්දේ අමතක නොවෙන අත්දැකීමක් ලබල ඇවිත් ඉන්න වෙලාවේ තවත් අලුත් ආරංචියක් කියන්නයි මේ සුදානම් වෙන්නේ...

මතකයිනේ... 2011 දීත්, 2012 දීත් අපි බ්ලොග්කරුවන්ගේ මහා මංගල්‍යය "සයිබර් සිහින උළෙල" බොහොම සුන්දර විදියට පැවැත්තුවා. 

ඔන්න මේ පාරත් සිංහල අලුත් අවුරුද්දට අපි හැමෝම එකතුවෙලා තවත් අමතක නොවෙන දවසක් ගත කරන්නයි යන්නේ. ඒ තමයි......

"සදාකාලික සහෝදරත්වයේ වින්දනීය හදගැස්ම"
සයිබර් සිහින උළෙල 2013 

දවස මතකයිනේ......
2013 අප්‍රේල් මාසේ 21 වෙනි ඉරිදා....

තැන..... කොළඹ....
කොතනද කියල ළඟදීම කියන්නම්...


කොහොම වුනත්, බ්ලොග් ලියන කියවන හැමකෙනෙක්ම එදාට එයි කියල බ්ලොග් අවකාශයේ මිතුරෝ බලාපොරොත්තු වෙනවා. 


දැන් ඉඳලම දිනේ වෙන්කරලා තියාගන්නකෝ. අවුරුද්දට ලංකාවට එන්න හිතාගන ඉන්න එතෙර උදවියත් ඒ දවස අපිත් එක්ක ගත කරනවානම් අපි හැමෝම කැමතියි...


එහෙනම් 2013 "සයිබර් සිහින උළෙල" පළමු තරඟය ආරම්භ කරන්නයි මේ සුදානම....
ඒ තමයි සයිබර් සිහින උළෙලේ නිර්මාණ තරඟය...

මේ තරඟය බ්ලොග් ලියන කියවන ඕනෑම කෙනෙකුට විවෘත තරඟයක්. කරන්න තියෙන්නේ ඔබ විසින් නිර්මාණය කරපු;
කවි (නිසඳැස් ඇතුළුව)
කෙටිකථා
රචනා
සහ
ගී පද රචනා 
cybernewyearfestival2011@gmail.com කියන"බ්ලොග් අවකාශයේ මිතුරෝ" නිල ඊ මේල් ලිපිනයට එවීම පමණයි.

මේ නිර්මාණ බ්ලොග්කරුවන් නොවන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු විනිශ්චය මණ්ඩලයක් මගින් විනිශ්චය කරලා අප්‍රේල් 21 වෙනිදා සයිබර් සිහින උළෙලේදී ජයග්‍රාහකයාට ත්‍යාග ප්‍රදානය කරන්නයි  සැලසුම් කරලා තියෙන්නේ.....


නිර්මාණ බාරගන්න අන්තිම දවස මාර්තු 31 වෙනිදා.....

එවන හැම ඊ මේල් එකක්ම "නිර්මාණ තරඟය 2013" කියන ශීර්ෂය යටතේ එවන්න අමතක කරන්න එපා. 

මෙන්න තරංග කොන්දේසි....

මෙන්න තරංග කොන්දේසි....

1.ඔබ විසින්ම කරන ලද නිර්මාණයක් විය යුතුය. මීට පෙර තමන්ගේ බ්ලොග් අඩවියේ පලකරන ලද නිර්මාණ වුවද ඉදිරිපත් කල හැකිය. (යම් උපුටා ගැනිමක් වෙතොත් පෙර දැනුම් දිමකින් තොරව එය තරඟයෙන් ඉවත් කිරිමට විනිශ්ච මණ්ඩලයට අවස්ථාව ඇත)

2. නිර්මාණ තරඟය ප්‍රධාන අංශ දෙකක් යටතේ පවත්වනු ලැබේ.
- කවි (සඳැස් සහ නිසඳැස්) නිර්මාණ
- කෙටිකථා

3. එක් අයෙකුට එක් අංශයකින් ඉදිරිපත් කල හැක්කේ එක නිර්මාණයක් පමණි.

4. එක් අපේක්ෂකයෙකුට තරඟ අංශ දෙකටම ඉදිරිපත්විය හැකිය.

5. අංශ දෙකෙන්ම පළමු ස්ථාන ලබාගන්නා ජයග්‍රාහකයන්ට සමරු තිළිණ පිරිනමනු ලබන අතර 1,2,3 යන ස්ථාන ලබාගන්නා නිර්මාණ සයිබර් සිහින උළෙල සමරු කලාපයේ පළකරනු ලබයි.

6. සංවිධායක මඩුල්ලේ කිසිවෙකුට මෙම තරගය වලංගු නැති අතර එසේ ලැබෙන නිර්මාණ වෙතොත් එවා ඉවත් කිරිමට කටයුතු යොදා ඇත.

7. තරගයේ අවසන් තිරණය විනිසුරු මඩුල්ල සතු වේ.

තව දෙයක්....එදාට එනවා වගේම මේ කාර්යය සාර්ථක කරගන්න දායක වෙන්නත් හැමකෙනෙක්ටම අපි ආරාධනා කරනවා.  මුල්‍යමය වශයෙන් උදව් උපකාර කරන්න කැමති අයට "සයිබර් සිහින උළෙල" වෙනුවෙන් නිර්මාණය වෙන සමරු කලාපයේ දැන්වීමක් පලකිරීම මගින් හරි සෘජුවම "බ්ලොග් අවකාශයේ මිතුරෝ" ගිණුමට මුදල් බර කිරීම මගින් දායක වෙන්න පුළුවන්. ඒ වගේම ශ්‍රමයෙන් හරි වෙනත් ආකාරයකට හරි උදවු කරන්න කැමති අයට ඒ විදියට උදවු කරන්නත් පුළුවන්. ඔබේ කැමැත්ත සඳහන් කරල cybernewyearfestival2011@gmail.com කියන නිල ඊ මේල් ලිපිනයට ලිව්වොත් හැකි ඉක්මනින් සංවිධායක මණ්ඩලය ඔබව අමතාවී...
13

ගම්පහ බ්ලොග් ගෙට්ටුව. ඔබත් එන්න....

සිංහල බ්ලොග්කරණය ආරම්භ වෙලා එච්චර කාලයක් ගත නොවුනට දවසින් දවස අලුත් බ්ලොග් අන්තර්ජාලයට එකතු වෙනවා. ඒ අතරේදී ඉස්සර ඉඳල බ්ලොග් ලියපු අයත් තම තමන්ගේ ගං පළාත් වලට වෙලා බ්ලොග් එකේ පෝස්ට් එකක් ලියාගන ඉන්නවා. ඔහොම ඉන්න කට්ටිය අනිත් අය ලියන ඒවා කියවල ඒ අයත් එක්ක යාලු මිත්‍රකම් ඇතිකර ගන්නවා. මේ විදියට බ්ලොග්කරණය හරහා එකතුවෙන කට්ටියට ඇත්තටම එකතු වෙලා කතාබහ කරන්න, විනෝද වෙන්න අවස්ථාවක් දෙන්න ඕන කියල හිතල සමහර උදවිය සුහද හමු සංවිධානය කරනවා.



ඔබට මතකද ගිය අවුරුද්දේ ගාල්ලේ තිබුන බ්ලොග් ගෙට්ටුව? නමුත් ඊට පස්සේ බ්ලොග් සුහද හමුවක් සංවිධානය උනේ නැහැ. සමහර විට "සයිබර් සිහින උළෙල" අවසන් වෙනවත් එක්කම සිද්ධ වුන ඔබා මාමගේ සමුගැනීමත් එකට හේතු වෙන්න ඇති. අන්තිමට අපි හමුවෙලා කතාබහ කරලා විනෝද වුනේ ගිය අවුරුද්දේ අප්‍රේල් 22 වෙනිදා "සයිබර් සිහින උළෙල" දවසේ. 

ඔන්න කාලෙකට පස්සේ ගාල්ලේ ගෙට්ටුවට සහභාගී වුන කට්ටිය, "සයිබර් සිහින උළෙල"ට ආපු කට්ටිය ගත කරපු සුන්දර දවස වගේම දවසක් අයෙත් උදාවෙන්නයි යන්නේ. ගම්පහ පැත්තේ ඉන්න සෑම්, සිරා සහ අටම්පහුර එකතුවෙලා බ්ලොග් සුහද හමුවක් සංවිධානය කරලා. 


දවස ජනවාරි 27 වෙනිදා. තැන ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය. තව හරියටම දවස් 7කින්. වෙලාව උදේ 9.00 ඉඳල හවස 3.00 වෙනකම්. දැනටමත් 100කට ආසන්න පිරිසක් සුහද හමුවට සහභාගී වෙන බව තහවුරු කරලලු. අලුත් යාලුවෝ අඳුනගන්න, පරණ යාළුවන්ට හම්බවෙලා කතාබහ කරන්න, හැම කෙනෙක්ටම විනෝද වෙන්න පුළුවන් අමතක නොවෙන දවසක් ලබාදෙන්න සියලු කටයුතු සංවිධානය වෙනවා කියලයි දැනගන්න ලැබෙන්නේ. එදාට "බස් රේඩියෝ" එහෙ ඉඳල සජීවී විකාශයක් පවත්වනවාලු. බ්ලොග් ලියන කියවන අය වෙනුවෙන් කෙරෙන මේ කටයුත්තට සහභාගී වෙන්න කියල "බ්ලොග් අවකාශයේ මිතුරෝ" හැමකෙනෙක්ටම ආරාධනා කරනවා.



මුලින්ම කරන්න තියෙන්නේ මෙන්න මේ ෆෝර්ම් එක පුරවල තමන්ගේ පැමිණීම තහවුරු කරන එක. ඊට පස්සේ තියෙන්නේ එදාට නොවැරදීම එන එක. 

අපි එන්නේ කොහොමද? බය වෙන්න එපා. මෙන්න මේ බ්ලොග් අවකාශයේ මිතුරෝ ඔයාලට උදව් කරයි.

ගාල්ල - ගයාන් සම්පත් (ගුණෙ අයියා) 071 - 8309494
නුවර  - චතුරිකා දුලාංජලී (චතුමිතු) - 077 - 148230
කුරුණෑගල  - නිරෝෂන් පෙරේරා (අහිංසක සිංහයා) - 077- 4236618
අනුරාධපුර - හරිත තිලකරත්න (නාඩියාගේ නාඩි) - 071 - 6312367
රත්නපුර    - යසිරු යුගන්දර (ජිංජිගෙ යූ ටර්න්) - 071 - 4851651
නැගෙනහිර   - චින්තක සඳරුවන් (හිස් අහස) - 077 - 4939199

කොළඹ සහ වෙනත් ප්‍රදේශ - 

ප්‍රදීප් චන්දන (ප්‍ර‍දීප්ගේ පිටුව) - 077- 2099578 / 071 - 3556165




සංවිධායකයින් අමතන්න අවශ්‍ය වුවහොත් මෙන්න නොම්බර

සංජීව සිරිවර්ධන (සිරා)  071 - 8043915
සමින්දික ශ්‍රීමන්ත (සෑම්)  077 -2271618

කොළඹට එන කට්ටිය 27 වෙනිදා හරියටම උදේ 7.00ට කොටුව දුම්රිය ස්ථානයට එන්න. ඇවිල්ල කොටුවේ 'ට'යන්න යටින් ඉන්නකෝ. ගාල්ලෙන් සහ මාතරින් පිටත් වෙන අය පාන්දරම පිටත් වෙන කෝච්චියක ආවොත් කොළඹ කට්ටිය කොළඹින් පිටත්වෙන්න කලින් එන්න පුළුවන් වෙයි.
නුවර, කුරුණෑගල, අනුරාධපුරේ ඉඳල එන අයට පාන්දර පිටත් වෙන දුම්රියක ගම්පහට එන්න පුළුවන්. ඔන්න මේ සැරේ අම්පාරේ ඉඳලත් කට්ටිය එනවා.



ඒ කොහොම උනත් උදේ 8.30 වෙනකොට හැමකෙනෙක්ම ගම්පහ දුම්රිය ස්ථානයට ඇවිත් ඉඳී කියල සංවිධායක මණ්ඩලය බලාපොරොත්තු වෙනවා. මෙන්න දුම්රිය කාලසටහන.
එතන ඉඳල උද්‍යානයට කට්ටියව එක්කගන යන්න සංවිධායක මණ්ඩලේ කෙනෙක් එතනට ඇවිත් ඉඳී. මොකක් හරි ගැටළුවක් තියනවනම් සංවිධායක මණ්ඩලේ කෙනෙක්ට කතා කරන්න.  තමන්ගේ පැත්තෙන් එන කට්ටියට එකතුවෙන්නේ කොහොමද කියල ඉහලින් තියෙන අංක වලට කතා කරලා දැනගන්න.

එහෙනම්, 27 වෙනිදට හම්බවෙමු. අනිත් අයටත් දැනගන්න මේ ලෝගෝ එක ඔයාලගේ බ්ලොග් එකේ ප්‍රදර්ශනය කරන්න.

තවත් මතක් කිරීමක්.... අවුරුද්දට ලංකාවට එන්න ඉන්න අයයි, ලංකාවේ ඉන්න ගොඩක් කාර්යබහුල අයයි අප්‍රේල් මාසේ තුන්වෙනි සතිය නිදහස්ව තියාගන්න. මේ පාරත් "සයිබර් සිහින උළෙල" තියනවා.
Back to Top