ඔන්න අද අප්‍රේල් පළවෙනිදා, මෝඩයින්ගේ දවසේ බ්ලොග් අවකාශයේ මිතුරෝ හදන්නේ ඔයාලව මෝඩයා කරන්න නම් නෙමෙයි. අපි කවුරුත් පුල පුලා බලා ඉන්න සයිබර් සිහින බක්මහ උළෙල ගැන අළුත්ම තොරතුරු කිහිපයක් කියන්න.
හැමෝම දන්න විදියට සයිබර් සිහින බක්මහ උළෙලේ පළමු තරඟය, නිර්මාණ තරඟය අවසන් වුනා. අවාසනාවට සමහර තරඟ ඉසව් වලට නිර්මාණ ලැබුනේ නැති නිසා ඒ තරඟ ඉසව් අවලංගු කරන්න වුනා කියලා නිර්මාණ තරඟයේ සංවිධායකයින් කියනවා. නමුත් නිර්මාණ ඉදිරිපත් වුන තරඟ වලින් ජයග්‍රහණය ලබන අය අවුරුදු උත්සවය දවසට ප්‍රකාශයට පත් කරනවා.
කීප දෙනෙක්ම ඇහුවා මොකද මේ සැරේ අවුරුදු උත්සවය ගැන සද්දයක් නැත්තෙ කියලා. දෙගිඩියාවෙන් ඉන්න එපා. පහුගිය අවුරුදු වල වගේම, සමහරවිට ඊටත් වඩා වින්දනීය සයිබර් සිහින බක්මහ උළෙලක් ඔබ වෙනුවෙන් නිර්මාණය වෙමින් පවතිනවා. අප්‍රේල් මාසෙ 20 වෙනිදා හරියටම උදේ 9.00 ට බත්තරමුල්ල පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී මේ අවුරුද්දෙ සයිබර් සිහින බක්මහ උළෙල ආරම්භ වෙනවා. මතකයිනේ තේමාව "අවකාශයෙන් මිහිමතට මිතුදම රැගෙන එනු පිණිස"
මේ අවුරුද්දෙත් සයිබර් සිහින බක්මහ උළෙලට සහභාගී වෙන්නේ කවුද කියලා දැනගන්න එක සංවිධායක මණ්ඩලයට විශාල පහසුවක්. ඒ නිසා මෙන්න මේ ෆෝම් එක අප්‍රේල් 10 වෙනිදාට කලින් පුරවලා සයිබර් සිහින බක්මහ උළෙළට ඔබගේ පැමිණීම තහවුරු කරන්න.
ඊට පස්සෙ වැඩිදුර තොරතුරු ඔබට ඊ මේල් මගින් දැනගන්න ලැබේවි. කොහොම වුනත් සයිබර් සිහින බක්මහ උළෙලේ දිවා ආහාරය, පානීය ජලය සහ ඇතුලත්වීමේ ගාස්තුව වශයෙන් රුපියල් 350/= ක මුදලක් ඔබට වැය කරන්න සිදු වෙන බවත් මතක් කරන්න අවශ්‍යයි. හැබැයි ඔබ ඒ වියදම් කරන මුදලට වඩා වැඩි වටිනාකමක් එදාට ඔබට ලැබෙන බව නම් සහතිකයි.
ඒ විතරක් නෙමෙයි. මේ අවුරුද්දෙත් සයිබර් සිහින බක්මහ උළෙලේ සමරු කලාපය මේ වෙනකොට සකස් වෙමින් පවතිනවා. දන්නවනේ, මේ පාර සමරු කලාපය වර්ණයෙන් මුද්‍රිත පත්‍රිකාවක් විදියටයි සකස් වෙන්නේ. තමන්ගේ ව්‍යාපාරය එහෙමත් නැත්නම් තමන්ගේ බ්ලොග් අඩවිය පිළිබඳව සහෘද බ්ලොග්කරුවන් දැනුවත් කරන්න කැමතිනම් සමරු කලාපයේ දැන්වීමක් පළ කරන්න ඔබටත් පුළුවන්. මෙන්න තියෙනවා විස්තරය. දැන් ඔබට කරන්න තියෙන්නේ ඔබගේ දැන්වීම ඔබ කැමති ආකාරයකට ලබා දීලා තියෙන ප්‍රමාණයට අනුව සකස් කරලා අප්‍රේල් 5 වෙනිදාට කලින් cybernewyearfestival2011@gmail.com අපේ ඊ මේල් ලිපිනයට එවීමයි. ඊට පස්සේ ඒ සඳහා වන ගෙවීම් සිදු කරන ආකාරය ගැන ඔබට ඊ මේල් මගින් දන්වන්න කටයුතු කරනවා.
1 - මුළු පැත්තක් - ප්‍රමාණය 290mm x 100mm - රු 5000/=
2 - පැති භාගයක් - ප්‍රමාණය 145mm x 100mm - රු 2500/=
3 - පැති කාලක් - ප්‍රමාණය 72mm x 100mm - රු 1000/=
4 - පැති ⅛ ක් - ප්‍රමාණය 72mm x 50mm - රු 500/=
මේ අවුරුද්දෙත් සයිබර් සිහින බක්මහ උළෙලේ නිල මාධ්‍ය සහකරු වශයෙන් කටයුතු කරන්නේ බස් රේඩියෝව. මේ අවුරුද්දේ සයිබර් සිහින බක්මහ උළෙලට අපට ශක්තියක් වෙන්න Oceanic Games ආයතනය අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා.
එහෙමනම් අප්‍රේල් 20 වෙනිදාට හමුවෙමු. ඊට කලින් ෆෝම් එක පුරවලා ලියාපදිංචි වෙන්න. සමරු කලාපය ගැනත් මතකයිනේ.
ඡායාරූප - වෙනිවැල්, ජේ ඩී, අනුෂ්ක (2013 සයිබර් සිහින බක්මහ උළෙල)
ප.ලි. - මෙවර සයිබර් සිහින බක්මහ උළෙලේ අනුග්‍රාහකත්වය දරන Oceanic Games ආයතනය එදින සහභාගීවන්නන්ගේ වියදම් වලින් කොටසක් ද ආවරණය කිරීමට කටයුතු යොදා ඇති බැවින් ඇතුලත්වීමේ ගාස්තුව රු 200/= ලෙස සංශෝධනය කිරීමට සංවිධායක මණ්ඩලය තීරණය කලා.