"බත්තරමුල්ල, පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනය"
ඒ අනුව මේ අවුරුද්දේ සයිබර් සිහින බක්මහ උළෙල අප්‍රේල් මාසෙ 20 වෙනි ඉරිදා, කාටත් නිවාඩු දවසේ උදේ 9.00 ඉඳලා පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.ඒක එහෙම වුනාට තව සංවිධාන කටයුතු රාශියක් සිදුවෙමිනුයි පවතින්නේ. අපි කලින්ම කිව්වනේ, අපට ඔබගේ සහය අවශ්‍යයි කියලා. ඔන්න දැන් ඒකට අවස්ථාවක් උදා වෙලා තියෙනවා. මේ තියෙන්නේ මේ අවුරුද්දේ අපි පවත්වන්න බලාපොරොත්තු වෙන තරඟ ලයිස්තුව.ඔබට මතක නම් මේ තරඟ යෝජනා කලෙත් ඔබමයි. ඉතින් සයිබර් සිහින උළෙල දවසට මේ තරඟ ඉසව් වලින් එකක් හරි කිහිපයක් හරි සංවිධානය කරලා පැවැත්වීමේ වගකීමත් ඔබට භාරගන්න පුළුවන් නම් මේ ඩොක් එකේ ඔබේ විස්තර සඳහන් කරන්න. ඔබට ඒ සඳහා අවශ්‍ය වෙන දේවල් සංවිධායක මණ්ඩලය විසින් සපයාවි. ඔබට කරන්න තියෙන්නේ එදා දවසේ නියමිත වෙලාවට ඒ අංගය සංවිධානය කරලා පවත්වන එක විතරයි.
ඒ විතරක් නෙමෙයි, හැම අවුරුද්දෙම මේ තරඟ ඉසව් වල තෑගි වලට දායකත්වය සපයන්නේත් දයාබර ඔබ විසින්. ඔබට පුළුවන් මේ අවුරුද්දෙත් ඒ සඳහා දායක වෙන්න. ඒ සඳහාත් ඔබ කරන්න ඕන අර කලින් දක්වලා තියෙන ඩොක් එකට ගිහින් අදාල තැන ඔබේ විස්තර සටහන් කරන එකයි. ඊට පස්සේ සංවිධායක මණ්ඩලය ඔබව අමතා වැඩිදුර විස්තර දැනුම් දේවි.
ඔන්න මේ අවුරුද්දේ තවත් අළුත් වැඩක් කරන්නයි හදන්නේ. නිවේදන කටයුතු වලට දායක වෙන්න කැමති, නිවේදන කුසලතා තියෙන යොවුන් බ්ලොග්කරුවෙක් නම් ඔබට පුළුවන් මේ අවුරුද්දේ සයිබර් සිහින බක්මහ උළෙලේ නිවේදන කටයුතු භාරගන්න. කරන්න තියෙන්නේ සුළු දෙයයි. ඔබ සතුව තියෙන කුමක් හෝ මයික්‍රෆෝන් එකක් (හෙඩ් සෙට් එකේ, ලැප්ටොප් එකේ වැනි) භාවිතා කරලා අවුරුදු උත්සවයේ ඕනෑම තරඟ ඉසව්වක් පිළිබඳව තත්පර 30 ක හඬ ගොණුවක් සකස් කරලා අපට එවන්න. දන්නවනේ ඊ මේල් ලිපිනය cybernewyearfestival2011@gmail.com. ඊ මේල් එකේ ටයිටල් එක විදියට "සයිබර් සිහින උළෙල 2014 - නිවේදන කටයුතු" කියලා සඳහන් කලොත් එය අපට පහසුවක් වේවි. ඒ අතරින් හොඳම කටහඬ දරන හතර දෙනා අප්‍රේල් මාසෙ 20 වෙනි ඉරිදා නිවේදන කටයුතු මෙහෙයවාවි.මේ කටයුත්ත සිද්ධ වෙන්නේ හැම අවුරුද්දෙම සයිබර් සිහින බක්මහ උළෙලේ නිල මාධ්‍ය දායකත්වය ලබා දෙන බස් රේඩියෝවේ පූර්ණ අධීක්ෂණය සහ මෙහෙයවීම යටතේ. ඔබ හොඳ දක්ෂතා පෙන්නුවොත් බස් රේඩියෝවට සම්බන්ධ වෙන්න බැරි වෙන එකකුත් නෑ.
අනිත් වැදගත්ම දේ සමරු කලාපය. හැම අවුරුද්දෙම වගේමේ අවුරුද්දෙත් සමරු කලාපය ලහි ලහියේ සකස් වෙමින් පවතිනවා. ඔබ යෝජනා කරපු ආකාරයටම වර්ණයෙන් ඔප කඩදාසියේ මුද්‍රිත සමරු කලාපයක් නිකුත් කරන්නයි සූදානම් වෙන්නේ. ඔබේ ව්‍යාපාරය, ඔබේ බ්ලොග් අඩවිය අනෙකුත් බ්ලොග්කරුවන් අතරට ගෙනියන්න සමරු කලාපය මහඟු පිටුවහලක් වේවි. සූදානමින් ඉන්න. මිළ ගණන් ළඟදීම දැනගන්න ලැබේවි.
සයිබර් සිහින බක්මහ උළෙල 2014
අවකාශයෙන් මිහිමතට මිතුදම රැගෙන එනු පිණිස