රටේ එක එක පැතිවල ඉඳලා අකුරු වලින් විතරක්
කතාබහ කරපු යාළුවන්ට ඇත්තටම එකතු වෙලා විනෝද වෙන්න අවස්ථාවක් ඇවිත්. ගිය අවුරුද්දේ
වගේම මේ වතාවෙත් සයිබර් සිහින බක්මහා උළෙල පවත්වන්න කටයුතු කාරණා සිද්ධ වේගනයි
යන්නේ. දැන් ඒ ගැන නොදන්න කෙනෙක් නෑ. අප්‍රේල් 22 වෙනිදා වැල්ලවත්ත ක්‍රීඩාංගනයට
පැමිණෙන ඕනම කෙනෙක්ට මේ සුන්දර අවස්ථාවට එකතු වෙන්න පුලුවන්කම
තියෙනවා.
කරන්න තියෙන්නෙ පුංචි දෙයයි. ඔය බ්ලොග් එකේ දකුණූ
පැත්තෙ ඉන්නෙ අක්ක කෙනෙක් ආයිබෝවන් කියාගෙන. අන්න ඒ අක්කගෙ
රූපෙට ක්ලික් කරාම ඒ අක්ක ඔයාලගෙ විස්තර ඉල්ලල පොඩි
මෙවුව එකක් දේවි. අන්න ඒ පොඩි මෙවුව එක සම්පූරන කරල තමන්ගෙ පැමිනීම සහතික කරන්න. ඊට පස්සෙ ඔයාලට එන විද්‍යුත් ලිපියට ප්‍රතිචාර
දක්වන්න.
එදාට පැවැත්වෙන තරඟ ගැන
ඔයාලා දැනටමත් දන්නවා. ඔයාලා අපිට එකතු වෙලා
විනෝද වෙන්න පුලුවන් විදියේ තරඟ රාශියක් අපි සූදානම්කරලා තියෙනවා.
ඒ අතරින් දන්නවනේ අපිට
ගොඩක්ම විශේෂ තරඟය. ඔව්...සයිබරයේ සිහින කුමරා සහා සයිබරයේ සිහින කුමරිය. දැනටමත් බ්ලොග් පෝස්ට්
වල, මූනු
පොතේ හැමතැනම දැන්වීම් අලවලා. ආරංචි විදියට හැමෝම බලාගෙන ඉන්නේ ලියාපදිංචිය විවෘත
කරනකම්.
හෝව් හෝව්... පොඩ්ඩක්
ඉන්න. මේ තමයි තරඟය පැවැත්වෙන හැටි. සිහින කුමරා සහා සිහින කුමරිය වෙන්න
බලාපොරොත්තුවෙන් තරඟ වදින කිසිම කෙනෙක් ඒ සඳහා
අමුතුවෙන් ඇඳුම් පැලදුම් වලින් සූදානම් විය යුතු නැහැ. උත්සවය දිනේදි ඇඳගෙන එන
සාමාන්‍ය ඇදුම පමනක් හොඳටම ප්‍රමාණවත්. ඒක නිසා කිසිම කෙනෙක් අමුතුවෙන්
ඇඳුම් පැලඳුම් සූදානම් කරන්න වෙහෙසිය යුතු නෑ. තරඟෙදි අපි ඒ ඒ වට වලදි
විවිධ අංග සැලකිල්ලට ගෙන ලකුණු ලබා දීම සිදු කරනවා. නමුත් ඒ කිසිම දෙයක්
මහා බරපතල දේවල් නෙවෙයි. ඒක නිසා තරඟෙටඉදිරිපත් වීම ගැන ඔබ දෙපාරක් හිතන්න
ඕනේ නෑ. ඔබට අවශ්‍ය එකමසුදුසුකමයි. ඒ ඔබ අවුරුදු 18ත් 30ත් අතර වයස් සීමාවේ
සිටීම විතරයි. තරඟය ස්වාභාවය ගැන ලකුණු ලබා දෙන පිලිවෙල ගැන හා
ඒ ඒ වට වලදී ක්‍රියා කල යුතු ආකාරය ගැන පූර්ණ දැනුවත් කිරිමක් අපි
උත්සවය පවත්වන දිනයේදී අදාල තරඟකරුවන්ට ලබා දෙනවා. ඒනිසා පොඩ්ඩක්වත් බය
වෙන්න එපා.
තරඟයේ මූලික නීති රීති
කොන්දේසි වගේම වැදගත්ම කරුණු ගැන ආයෙත් පොඩ්ඩක් මතක් කළොත්.....
1.සියලුම අයදුම්කරන්නන් වයස අවුරුදු 18ත් 30ත් අතර වයස් පරාසයේ විය යුතුයි.
2. තරඟය සඳහා ඇඳුම ගැටලුවක් නොවේ. ඕනෑම ඇඳුමකින් සැරසී තරඟ වැදිය හැක.
3. තරඟය වට කිහිපයකින් සමන්විත වේ. සියලූම වටයන් උත්සවය දිනදීම පැවැත්වේ.
4. තරඟය අවසානයේදී සිහින කුමරා ලෙස එක් තරුණයෙකුත් සිහින කුමරිය ලෙස එක් තරුණියකුත් පමණක් තෝරාගනු ලැබේ.
5. විනිසුරුකරුවන්ගේ තීරණය අවසාන තීරණයයි.
6.තරඟයේ සියලූම නීති රීති පිලිබඳ අවසන් තීරණ සංවිධායක මණ්ඩලය සතු වන අතර ඒවා වෙනස් වීමකට භාජනය වුවහොත් ඔබට දැනුම් දීමක් සිදු කරනු ලැබේ.
1.සියලුම අයදුම්කරන්නන් වයස අවුරුදු 18ත් 30ත් අතර වයස් පරාසයේ විය යුතුයි.
2. තරඟය සඳහා ඇඳුම ගැටලුවක් නොවේ. ඕනෑම ඇඳුමකින් සැරසී තරඟ වැදිය හැක.
3. තරඟය වට කිහිපයකින් සමන්විත වේ. සියලූම වටයන් උත්සවය දිනදීම පැවැත්වේ.
4. තරඟය අවසානයේදී සිහින කුමරා ලෙස එක් තරුණයෙකුත් සිහින කුමරිය ලෙස එක් තරුණියකුත් පමණක් තෝරාගනු ලැබේ.
5. විනිසුරුකරුවන්ගේ තීරණය අවසාන තීරණයයි.
6.තරඟයේ සියලූම නීති රීති පිලිබඳ අවසන් තීරණ සංවිධායක මණ්ඩලය සතු වන අතර ඒවා වෙනස් වීමකට භාජනය වුවහොත් ඔබට දැනුම් දීමක් සිදු කරනු ලැබේ.
තරඟය ජයග්‍රහණය කරන
තරුණයා සහ තරුණිය සිංහල බ්ලොග් අවකාශයේ "සයිබර් සිහින
කුමරා" සහ "සයිබර් සිහින
කුමරිය" විදියට අභිෂේක ලබනවා. ඒ
විතරක් නෙමෙයි තෑගි බෝග රාශියකුත් එක්ක. ඒක නිසා ඔන්න මේ අවස්තාවනම් මග හැරගන්න
එපා.
දැන් අපි ඔය තරඟෙට ඉදිරිපත් වෙන්නෙ කොහොමද?
අපි උත්සවය දවසටත් මේ තරඟය සඳහා ලියාපඳිංචි කරගැනීම කරනවා. ඒත් තරඟයට සහභාගී වෙන්න කැමති අය දැන්ම තරඟය සඳහා ලියාපඳිංචි වෙනවනම් ඒක අපිට ලොකු පහසුවක්. ඒක නිසා අපි ඔයාලට දෙනවා ෆෝම් එකක්. ඒ ෆෝම් එක පුරවන්න. එච්චරයි. ඊට පස්සෙපොඩ්ඩක් මේල් එහෙම එනවද කියලා බලන්න. මොකද තරඟය පිලිබඳ අලුත් තොරතුරු අපි මේල් මගින් දන්වන්න බලාපොරොත්තු වෙනවා.
එහෙනම් ඉතින් මේ විවෘත ආරාධනය අවුරුදු 18ත් 30ත් අතර රූමත් කඩවසම් තරුණ තරුණියන්ටයි. දැන්ම තරඟයට ලියාපඳිංචි වෙන්න. සයිබර් කුමරා ලෙස අභිශේක ලබන්නෙ කඩවසම් ඔබ වෙන්න පුලුවන්. එහෙමත් නැත්නම් සයිබරයේ සිහින කුමරිය ලෙස කිරුලු පලඳින්නෙ රූමත් නුඹ වෙන්නත් පුලුවන්. ලස්සනත් සමඟ වාසනාව උරගාන්නඑන්න. මේ තරඟය මගේ නොවෙයි. සොඳුරු යෞවනයේ පසුවන ඔබගේයි.
පහත ඉල්ලිම් පත්‍රය පුරවා තරඟයට ලියාපඳිංචි වන්න. කරුණාකර සත්‍ය තොරතුරු පමණක් ඇතුලත් කරන්න. එමෙන්ම තරඟයට සහභාගී නොවී,හුදු විනෝදය සඳහා පමණක් අයදුම් පත පුරවා අපගේත් ඔබගේත් වටිනා කාලය අපතේ නොයවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.