6

බ්ලොග්කරුවන්ගේ ට්‍රිප් එකේ අලුත්ම විස්තර

දැන් අපි හැමෝම දන්නවනේ මේ 27 වෙනිදා, ඒ කියන්නේ එළඹෙන ඉරිදා දවසේ බ්ලොග්කරුවන්ගේ ට්‍රිප් එක ඔගනයිස් කරලා තියනවා කියන එක. දැනටමත් ලියාපදිංචි වෙලා ඉන්න අයට ඊමේල් එකක් ලැබිල ඇති. කීපදෙනෙක්ම ගමන් වියදම බැංකුවේ තැන්පත් කරලත් ඉවරයි. ඒ වුනාට කාටත් දැනගන්න මෙන්න විස්තරේ.

ට්‍රිප් එක යන බස් එක ජුලි 27 වෙනිදා උදේ 6 ට මාලබේ නගරයට එනවා. එතනින් බත්තරමුල්ල, රාජගිරිය, බොරැල්ල, හරහා කොටුව දුම්රිය ස්ථානයට එනවා. උදේ 6.30 ඉඳල 7.00 වෙනකං බස් එක එතන තියනවා. ඊට පස්සේ 138 බස් මාර්ගය ඔස්සේ කොට්ටාවට ගිහින් එතනින් අධිවේගී මාර්ගය ඔස්සේ ගාල්ල බලා යන්නයි සැලසුම් කරලා තියෙන්නේ. කොටුව දුම්රිය ස්ථානයට හරි බස් එක යන ගමන් මාර්ගයේ තැනකට හරි ඇවිත් ඔබට ගමනට සම්බන්ධ වෙන්න පුළුවන්. 


බස් එකේ ගමන යන අයට බස් ගාස්තු සහ කෑම වියදම වශයෙන් රුපියල් 800/= ක මුදලක් වැය වෙනවා. ඒ මුදල හෙට දවස ඇතුලත ලංකා බැංකුවේ ජාඇල ශාඛාවේ අංක 75995235 දරන A.L.S.N. Amarashinge (සසිඳු නිර්මාල්) මහතාගේ ගිණුමට තැන්පත් කරලා එහි රිසිට්පත අපට ඊමේල් කලොත් ඒක සංවිධාන කටයුතු වලට විශාල පහසුවක්. (මේ බව ලියාපදිංචි වුන අයට ඊමේල් මගින් දන්වලයි තියෙන්නේ). ඒ වගේම තමන් ගමනට සම්බන්ධ වෙන තැන ගැනත් ඊමේල් එකේ සඳහන් කරන්න අමතක කරන්න එපා. 

ගමන් ගාස්තුව හෙට දවසේ තැන්පත් කරන්න අපහසු නම් ඒ බවත් ගමනට සම්බන්ධ වන ස්ථානයත් සඳහන් කරලා ඔබ ගමනට සහභාගී වන බව තහවුරු කිරීමේ ඊමේල් එකක් එවන්නත් පුළුවන්. ඒ වගේම ගාල්ලට එන අය උදේ 8.30 වෙද්දී ගාල්ල බස් නැවතුම්පල අසලට ආවොත් ගමනට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ අය ආහාර සඳහා රුපියල් 300 ක මුදලක් ගෙවන්න වෙනවා. කොහොම වුනත් ගාල්ලට එන අයත් ඔබගේ පැමිණීම ඊමේල් මගින් තහවුරු කරනවානම් අපිට පහසුවක්.

ගමන අවසන් කරලා හවස 5.30 - 6.00 වෙනකොට අපි ආපහු කොළඹ කොටුවට එනවා. ඒ නිසා ගෙදර යන්න පරක්කු වෙන එකක් නෑ.
එහෙමනම් 27 වෙනිදට හමුවෙමු.
නිල ඊමේල් ලිපිනය - cybernewyearfestival2011@gmail.com
ෆේස්බුක් ඉවෙන්ට් එක - https://www.facebook.com/events/1455674778022140
23

බ්ලොග්කරුවන්ගේ ට්‍රිප් එකට මොකද වුනේ?

කෝ මේ පහුගිය දවස් වල යනවා කිව්ව "බ්ලොග්කරුවන්ගේ ට්‍රිප් එක"ට මොකද වුනේ කියල කීපදෙනෙක්ම ඇහුව. ඒ විතරක් නෙමෙයි බ්ලොග් ලියන කියවන හැමෝම ඒ ගැන දැනගන්න කැමැත්තෙන් ඉන්නේ කියන එක ආයේ කියන්න දෙයක් නෙමෙයිනේ. 


මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ.  බ්ලොග්කරුවන්ගේ ගාලු ගමන ජූනි මාසේ යමු කියලා යෝජනා වුනාට පස්සේ යෝජනා කීපයක්ම ආවා මේ වැඩේ ටිකක් පස්සට දාමු කියලා. ඒ නිසා ජූනි 15 ගමන අවලංගු කරලා ටික දවසක් පහුවෙලා යන්නයි අවසානයට තීරණය වුනේ. දැන් ඔන්න ඒ දවස උදාවෙන්නයි යන්නේ.

ජූලි මාසේ 27 තමයි දවස. කලින් පෝස්ට් එකේ කියපු විදියටම අපේ කට්ටිය කොළඹදි එකතු වෙලා බස් රථ එකකින් හෝ දෙකකින් සුපුරුදු රූමස්සල වෙරළ තීරයට යන්නයි බලාපොරොත්තු වෙන්නේ.

 

හැබැයි ඊට කලින් කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි මේ මාසේ 15 වෙනිදා වෙනකොට මෙන්න මේ ෆෝම් එක පුරවලා තමන්ගේ පැමිණීම තහවුරු කරන එක. (කලින් පුරවපු අය පුරවන්න අවශ්‍ය වෙන්නේ නෑ) 



      

වෙනත් සුහද හමු වලදී පැමිණීම තහවුරු කරනවාටත් වඩා මෙවර
ඔබේ පැමිණීම තහවුරු කිරීම අවශ්‍ය වෙන්නේ අපේ ගමනට අවශ්‍ය බස් රථ සහ ආහාර ඇනවුම් කරන්න වෙන්නේ මේ පෝරමයේ සඳහන් විස්තර වලට අනුව වීම නිසයි.

27 වෙනිදාට අපිට අවශ්‍ය පහසුකම් සම්බන්ධීකරණය කරලා දෙන්න අනුෂ්ක ලක්මාල් සහ රිද්ම කසුන් සුදානමින් ඉන්නවා.


එහෙනම් ජූලි 27 වෙනිදා දිනය වෙන් කරලා තියාගන්න. 
මතකයිනේ.... බ්ලොග්කරුවන්ගේ ගාලු ගමන....
Back to Top