46

ඇත්තද සයිබර් යාළුවො ආයෙ Set වෙනවා කියන්නෙ?

 ගිනියම් ඉර ........ සඳ සිසිලස ............අතරේ හොයනවා හොයනවා අපි අපි කවුරුද?





වෙහෙස කාරී ජීවිතේ ඉන්න අතරෙම.. ඔබට ඉතිං කොහොමද?


සයිබර් අවකාශයේ බ්ලොග් ලියන සහ රසවිඳින ඔබ හැමෝම ප්‍රමාණයෙන් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නැහැනෙ. හැමදාමත් මිතුරු හවුල් වලට අලුත් අලුත් යාළුවො එකතු වෙනවා. ඉතින් හැමෝම දැන හඳුනා ගැනීම ඇත්තටම වැදගත්.සයිබරයේ යාළුකම් කොයි තරම් සොඳුරුද කියලා ඔබ දන්නවානෙ.


ටික ටික දෙනා එකතුවෙලා බිම් මට්ටමේ පුංචි පුංචි උත්සව අවුරුද්ද පුරාම ගත්තාට මොකද, 2013 සිහින සයිබර් සැණකෙළියෙන් පස්සෙ අපිට ආයෙත් හැමෝටම එකතු වෙන අවස්ථාවක් නිර්මාණය කරන්න බැරි වුණානෙ. ඉතින් අපි හිතුවා නිවාඩු උඳුවප් මාසෙ ඒකට සුදුසුම කාලය කියලා..දුර ඈත රටවල්වල ඉන්න යාළුවොත් මේ කාලෙට ලංකාවට එන විත්තිය අපි දන්නවානෙ. ඉතිං දැන් අපි දිගටම වැඩ.


මේ වෙනකොට එක එක තැන් වල අපි Cyber Get to gather සංකල්පයෙ උත්සව නිර්මාණය කරලා තිබෙනවා. හැබැයි මෙවර ඒ උත්සවයට නව අර්ථ කථනයක් දෙන්න අපි සූදානම්.

එසේ නම් සුන්දර සාදයේ ආරාධනාව................................. ඔබ හැමටමයි

ලෝගෝව නිර්මාණය ලිෂාන් පුවක්ඕවිට ගෙනි


පුංචි අය වගේ ආසා ද වැලි සෙල්ලම් කරන්න, මුහුදෙ නාන්න, විනෝද වෙන්න, එකිනෙකා හඳුනා ගන්න, කතා බහ කරන්න , ගී ගයන්න, නටන්න ......... ඒ වගේම පොටෝ උන්මාදයටත් තව තව දේවල් හුඟක් දේවල් වලටත් හොඳම තැන වෙරළ තීරය.. ඒ නිසාමයි මෙවර අපි Beach Party සංකල්පයට ගියෙ... ඔබ වෙනුවෙන්ම.


ලංකාව දූපතක් තමයි.., රට වටේම වෙරළ තීරයකුත් තියනවා ... ඒත් අපි හැමෝටම එකම මොහොතක එකතු වෙන්න පුළුවන් එක තැනක් ඕනෙ කරන නිසා, හැමෝටම පහසු වෙන්න අපි ගල්කිස්ස ප්‍රදේශය තෝරා ගත්තා. 

ගල්කිස්ස ජෝ ජෝ'ස් ප්ලේස් ( Jo Jo's Place in Mount Lavinia ) වල තමයි මේ උත්සවය සංවිධානය කෙරෙන්නෙ. විශේෂයෙන්ම සනීපාරක්ෂක පහසුකම් සහ උත්සවය සඳහා පැමිණෙන ගැහැණු ළමයින්ගේ ආරාක්ෂාව තහවුරු කළ හැකි ස්ථානයක් ලෙස මෙතැන හඳුන්වන්න පුළුවනි.

නත්තල් කාලෙ හැමතැනම උත්සවනෙ. හැමෝටමත් උත්සව. මේකත් ඉතින් ජීවිතයට අමතක නොවන වටිනා කියන සරණකෙළියක්. ඒ නිසාම  සොඳුරු යාළුවො රැසක් සමඟ නත්තල් කාලය පටන් ගන්න ඔබට අවස්ථාවක් දෙන්න අපි හිතුවා. ඒ නිසාමයි මේ සොඳුරු Beach Party ය දෙසැම්බර් 21 වෙනිදා තියන්නට සංවිධායක මණ්ඩලය තීරණය කළේ.

උදෑසන 8 වෙනකොට ඔබ ජෝ ජෝ ගෙ නවාතැනට එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම, නිල වශයෙන් මේ සොඳුරු සැණකෙළිය සවස 4 ට නිමා වෙන නිසා, දුර බැහැර සිටින ඔබට කරදරයක් නැතුව ගෙදර යන්නත් පුළුවන්.  කැමති නම් රාත්‍රිය ගෙවෙනතුරු රැඳෙන්නත් පුළුවන්.

ඒ විතරක් නෙවෙයි, හැමෝටම එකතු වෙලා කළ හැකි ක්‍රීඩා කිහිපයකුත් අපි සංවිධානය කරන්න බලාපොරොත්තු. ඒ ගැන විස්තර ඉදිරියෙදි කියන්නම්.

කෑමට බීමට සහ ස්ථානය මිලදී ගන්න වගේම, අවශ්‍ය අනෙක් වියදම් පියවා ගන්න රු 350 ක ප්‍රවේශ පතක් නිකුත් කරනවා.



ඉතින් සතුටු වෙන්න.. යාළුවො හඳුන ගන්න.. ඒ සුන්දර ගල්කිස්ස වෙරළ තීරයට එන්නෙ මෙන්න මේ විදිහට..




වැඩි විස්තර හදිස්සි නම්, මේ අයට පුංචි call එකක් දෙන්න.
දුලිප් සිකුරාජපති - 0777 043 804 / 0717 606 166
 
එහෙමනම්.. 2013 දෙසැම්බර් 21 වෙන කිසිම වැඩක් යොදා ගන්න එපා. එදාට උදේ 8 ඉඳන් මුලු දවසම.. ගල්කිස්සෙ මුහුදු තීරයේ සයිබර් සිහින රජ කරවමු.. තව හොඳ හොඳ තොරතුරු සහ වැදගත් දේ පසුවට..

මෙන්න මෙතනට ගිහින පැමිණිම තහවුරු කරන්න.

Back to Top