20

ස්තුතියි...!


බ්ලොග් අවකාශයේ තුන්වෙනි සයිබර් සිහින බක් මහ උළෙල වෙනුවෙන්,

මහන්සි වුනු,

උදවු කරපු,

අගය කරපු,

විවේචනය කරපු,

ආපු,

ආවේ නැති,

හැම කෙනෙක්ටම.....


බොහොමත්ම ස්තුතියි.....

ආයෙත් මේ වාගේ සුන්දර දවසක මුණගැහෙමු....


8

තව පැය 48 යි... කට්ටියම ලෑස්තිද?

ඔන්න සයිබර් සිහින බක් මහ උළෙල ආරම්භ වෙන්න තියෙන්නේ තව පැය 48 කටත් අඩු කාලයක්. දැන් හැම කෙනෙක්ම ලෑස්තිනේ?

එන හැම කෙනෙක්ම සාදරයෙන් පිළිගන්න ජාතික තරුණ මධ්‍යස්ථානය දැන් ඉඳලම ලහි ලහියේ සුදානම් වෙනවා. එක තැනක සමරු කලාප, ප්‍රවේශපත්‍ර මුද්‍රණය වෙද්දී තව තැනක කෑම බීම සුදානම් කෙරෙනවා. සමහර උදවිය මුට්ටි, කඹ එහෙම හොයනව කියලයි ආරංචි.

ඒ ඔක්කොම අනිද්දා (21) පැවැත්වෙන සයිබර් සිහින බැක් මහා උළෙල වෙනුවෙන්. එදාට එන දයාබර ඔබ වෙනුවෙන්.
මතකයිනේ මූලික විස්තර? අමතක නම් මෙතනින් ගිහින් කියවල එන්නකෝ.

ඔන්න එදාට එන හැමෝටම ඇතුල් වෙන තැනදී රෙඩ් බුල් එකක් ලබා දෙන්න රෙඩ් බුල් කණ්ඩායම අපිත් එක්ක එකතු වෙනවා. ඒ වගේම සමරු කලාපයේ පිටපතකුත් ලබා දෙන්න කටයුතු යොදලයි තියෙන්නේ.

ඒ වගේම බ්ලොග් කියවන රසිකාවියක් වන යශෝධා ට සහයක් වන්නටත් එදාට ඔබට අවස්ථාව ලබෙනවා.

මේ තවත් පොඩි විස්තර ටිකක්. මේ ගැනත් අවධානය යොමු කලොත් හොඳයි.

උපුටා ගැනීම.

ඔබ දන්නා පරිදි මෙවර සයිබර් සිහින බක් මහ උළෙල පැවැත්වෙන්නේ මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානයේදීය. ජාතික මට්ටමේ රාජ්‍ය ආයතනයක් වන බැවින් ජාතික තරුණ මධ්‍යස්ථානයට පැමිණීමේදී පහත සඳහන් කරුණු පිලිබඳ සැලකිලිමත් වීම වැදගත්ය.

01) ඔබ උත්සව භූමියට පැමිණෙන්නේ ඔබගේ වාහනයකින් නම් එහි වර්ගය (කාර්, වෑන් ආදී වශයෙන්) සහ අංකය අද (19) දවල් 12 ට පෙර ඊමේල් මගින් අප වෙත ලබා දෙන්න. එමගින් රථ වාහන ඇතුල් කිරීමේදී ඇති වන බාධා අවම කරගත හැකිය.
නිල ඊමේල් ලිපිනය - cybernewyearfestival2011@gmail.com

02) ජාතික තරුණ මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක වන විනය නීති මාලාවක් පවතින අතර එහි ආරක්ෂාව පිලිබඳ කටයුතු කරනු ලබන්නේ එහි ආරක්ෂක අංශය මගිනි. එබැවින් සයිබර් සිහින උළෙලට බාධා විය හැකි හැසිරීම් වලින් වැළකී සිටින මෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

03) ජාතික තරුණ මධ්‍යස්ථාන භූමියට මත්පැන් සහ මත්ද්‍රව්‍ය රැගෙන ඒම සම්පුර්ණයෙන් තහනම් වන අතර ආයතනයෙන් පිටතදී ඒ සඳහා අවශ්‍ය කටයුතු සලසා ගන්න මෙන් ඉල්ලා සිටිමු.

04) පස්වරු 4.00 ට අපගේ වැඩසටහන් අවසන් කල යුතු බැවින් නියමිත වෙලාවට (පෙ.ව. 9.00) උත්සවය ආරම්භ කිරීම සඳහා ඔබගේ සහයෝගය ලබා දෙන්න. පෙරවරු 8.00 සිට ඔබට උත්සව භූමියට පිවිසිය හැකිය. ඒ සඳහා මහරගම බස් නැවතුම ඉදිරිපිට ජාතික තරුණ මධ්‍යස්ථානයේ ප්‍රධාන දොරටුව භාවිතා කරන්න.

ස්තුතියි.

සංවිධායක මණ්ඩලය
උපුටා ගැනීම අවසන්.

ඊට කලින්... මේ වෙනකම් ෆෝම් එක පුරවලා නැත්නම් දැන් ගිහින් පුරවන්නකෝ.

දන්නවනේ, මේ සැරෙත් නිල මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ බස් රේඩියෝව. සිහින උළෙලට එන්න බැරි වෙන අයට එදා උදේ 9.00 ඉඳලා හවස 4.00 වෙනකම් එතන සිද්ධ වෙන හැම දෙයක්ම සජීවීව බස් රේඩියෝවෙන් අහන්න අවස්ථාව බස් රේඩියෝ ලබා දෙනවා. කරන්න තියෙන්නේ www.buzzradio.lk වෙත පිවිසෙන එක විතරයි.

එහෙනං අප්‍රේල් 21 වෙනිදාට හමුවෙමු. 
Back to Top