12

ඔබ සැමට......



සිහින උළේලට සහභාගී වූ ඔබටත්....


මුල්‍ය ශක්තියේන් දායකවු සැමටත්...


ශ්‍රමයෙන් කැපවු හැමොටමත්..


නිල මාධ්‍ය ශක්තියෙන් බස් රෙඩියොවටත්..


ප්‍රචාරනයෙන් දායක වූ සියලූම සින්ඩි වලටත්...

එකී මෙකී නොකී සියලූ දෙනාටමත්...


බෙහෙවින් ස්තූතී.

!!!
30

කට්ටියම එන්ඩෝ.... අපේ අවුරුදු උත්සවේ පටන්ගන්නයි යන්නේ....




ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙ හතර වටේ ඉන්න බ්ලොග් ලියන කියවන හැමෝම බලාගෙන උන්න අපේ හීනය, සයිබර් සිහින බක්මහ උළෙල පටන්ගන්න හරියටම තියෙන්නේ අපේ එක අතක තියෙන ඇඟිලි ගානටත් අඩු දවස් ගනනක්. අප්‍රියෙල් 22 වෙනි ඉරිදා අපි හැමෝටම මතක හිටින දවසක් බවට පත්කරන්න ඔයා මේ ලිපිය කියවන මේ මොහොතෙත් අපේ සංවිධායක මණ්ඩලය වෙහෙස මහන්සි වෙනවා. විශේෂයෙන්ම තරඟ, තෑගි, සමරු කළාපය, කෑම බීම මේ හැමදෙයක්ම ලහි ලහියේ සූදානම් වෙනවා. ඉරිදා උදේ පාන්දරින්ම වැල්ලවත්තට එන්න දත කට මැදගෙන සූදානම් වෙලා ඉන්න ඔයාලව පිළිගන්න කුරේ ක්‍රිඩාංගනය බොහොම ආසාවෙන් සැදී පැහැදී ඉන්නවා කියලයි ආරංචිය.

ලෝකෙ තැන් තැන් වලට වෙලා පරිඝණක ඉස්සරහ ඉඳගෙන ලියපු, අනිත් අය ලියන දේවල් කියවපු, අපිට හිතෙන දේවල් ලියලා එයාලව දිරිමත් කරවපු හැම කෙනෙක්ටම ඇත්තටම හම්බ වෙලා කතාකරන්න, හිතවත්කම් අළුත් කරගන්න සූදානම් කරපු මේ ලස්සන දවස තවත් ලස්සන කරන්න විනෝද ක්‍රීඩා රාශියක් සැළසුම් කරලා.




 බනිස් කෑම, යෝගට් කැවීම වගේ කන බොන තරඟ වගේම කණා මුට්ටිය බිඳීම, අලියට ඇහැ තැබීම, සැඟවුන අමුත්තා වගේ සාම්ප්‍රදායික අවුරුදු  ක්‍රීඩා  රාශියකුත් පැවැත්වෙනවා. ඇයි අපි මාස ගනනක ඉඳලා ඊමේල් වලින්, මූනුපොතේ, ගූගල් වල වගේම බස් රේඩියෝ එකෙත් කතාබහ කරපු සයිබර් සිහින කුමරා සහ සයිබර් සිහින කුමරිය තරඟය... ඒකත් පවත්වන්න සියළු කටයුතු සූදානම්. එදාට සිහින කුමරා කුමරිය වෙන්න හිතාගෙන ඉන්න අයට ෆේෂල් එකක් එහෙම දාගන්න දැන් කාලෙ හරි ඔන්න. ලේසි පහසු වැඩක්යැ බ්ලොග් අවකාශයේ සිහින කුමරා නැත්නම් කුමරිය විදියට අභිෂේක ලබන එක,සයිබර් සිහින කුමරා, කුමරිය තරගෙට ඉදිරිපත් වෙන්න එහෙම ඉන්නවානම් මෙන්න මේක* පුරවන්නකෝ. ඔය අතරෙදි බොහොම සාමකාමීව මීට මාසෙකට විතර කලින් පටන්ගත්ත ඔන්ලයින් තරඟයේ ප්‍රතිඵලත් එදාට එලිදක්වනවලුනේ.


බැළුම් පිපිරවීම, තුන් පා දිවීම, සංගීත තොප්පි තරඟය, මීටර් 100, සැඟවුන පෙට්ටියේ රහස ආදී මෙකී නොකී විනෝද  ක්‍රීඩා  වලට සහභාගී වෙන්නත් ඒවා බලලා රසවිඳින්නත් ඔයාලා එන්න ඕන වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයට. 


කිරිබත්ගොඩ, දෙමටගොඩ, බොරැල්ල ඉඳලා එන අය 154 බස් එකේ ඇවිත් ගාළු පාරෙ වැල්ලවත්ත මුස්ලිම් පල්ලිය ඉදිරි පිට බස් නැවතුමෙන් බසින්න. පිටකොටුවෙන් මර්ග අංක 100/101 මොරටුව හරි පානදුරේ බස් එකක නැගල එන අයටත් එතනින් බහින්න පුළුවන්. නුවර පාරෙ එන අය කිරිබත්ගොඩින් (නැත්නම් බේස්ලයින් පාරෙන් හරි) බැහැලා 154ක නගින්න, නැත්නම් පිටකොටුවට ඇවිත් 100/101 බස් එකක එන්න. 

138 පාරෙ (හෝමාගම පැත්තේ ඉඳලා) එන අය තුන්මුල්ල [කොළඹ කැම්පස් එක] ගාවින් බැහැල පාර දකුනු පැත්තට මාරුවෙලා නිතී පීඨය ගාව තියෙන හොල්ට් එකේන් 154ක නැගල මුලින් කියල තියෙන මුස්ලිම් පල්ලිය ඉදිරිපිට බස් හොල්ට් එකේන් බහින්න.

120 එන අය (හොරණ පැත්තේ ඉඳලා) කොහුවල බැහැලා 163 /168 පානදුර හෝ දෙහිවල බස් එකක නැගල ගාලුපාරට එන්න.දෙහිවල ගල්කිස්ස නගරසභා හොල්ට් එකේන් බැහැල පාර දකුනු පැත්තට මාරුවෙලා පිටකොටුව යන බස් එකක නගින්න. වැල්ලවත්ත HSBC ගාවට ටිකට් අරගෙන වැල්ලවත්ත  HSBC  ගාවින් බහින්න.නැත්නම් තුම්මුල්ලෙන් බැහැලා 154ක නගින්නකෝ. 

ගාල්ල පැත්තේ ඉඳල එන අයත් වැල්ලවත්ත HSBC ගාවින් තමයි බහින්න ඔනේ.බැහැල පාරේ දකුනු පැත්තට මාරුවෙන්න.

වැල්ලවත්ත මුස්ලිම් පල්ලිය ගාවින් බැහැපු අයට, ආපහු කොළඹ පැත්තට හැරිලා ආපස්සට එනකොට සහ HSBC ගාවින් බැහැපු අයටත්, බැහැල පාර දකුනු පැත්තට පැනල වැල්ලවත්ත පැත්තට ඉස්සරහට එනකොට දකින්න ලැබෙනව "  FREDRICA " පාර අන්න ඒ පාරේ මිටර් 200 විතර එනකොට වමට හැරෙන්න කුරේ ක්‍රිඩාංගනයට ඇතුලුවෙන දොරටුව තියෙනව.

හොයාගන්න අමාරුනම් සංවිධායක මණ්ඩලේ කෙනෙකුට කෝල් එකක් දෙන්නකෝ. සංවිධායක මණ්ඩලය උදේ 7 ඉඳලා පිට්ටනියේ ඉන්නවා. (ඉහල තියෙන පින්තූරෙ බැලුවාම තවත් පැහැදිලි වෙයි).  

මේ ටික කිව්වේ නොදන්න අයට. ගහ දන්නා අයට කොළ කඩාපාන්න ඕනේ නෑනේ.

එහෙනම් 22 වෙනිදා උදේ 9.00ට වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයේදි හමුවෙමු. 

පොඩ්ඩක් ඉන්න....... 

දැනටමත් සිහින උළෙලට එනව කියල කිව්ව කට්ටිය 180ක් නමුත් සහභගීත්වය ප්‍රකාශකරලත්..එන්න අපහසු කවුරුහරි ඉන්නවනම් මෙන්න මේ ඉමෙල් ලිපිනයෙන් අප්‍රියෙල් 20 වෙනිදට පෙර cybernewyearfestival2011@gmail.com අපට දන්වන්න . මොකද සංවිදාන කටයුත්තට ඒක ඉතාවැදගත් වෙනව

තවම සයිබර් සිහින උළෙලට ලියාපදිංචි වෙලා නැත්නම් මේ වම් පැත්තේ වැඳගෙන ඉන්න අක්කා කෙනෙක්ගේ පින්තූරෙ උඩ ක්ලික් කලාම ලැබෙන මෙව්වා එක පුරවලා දීලා යන්න. අප්‍රියෙල් 18 වෙනකන් රෙජිස්ටර් වෙන්න පුලුවන්

මතක ඇතුව ඔබට ඉමෙල් මගින් ලැබෙන රෙජිස්ටර් අංකය සිහින උළේල දවසේ පිට්ටනියට ඇතුල්වෙනකොටම එතන ඉන්න අපේ සංවිධාන සහෘදයන්ට කියන්න අමතක කරන්න එපා. 

ඒ වගේම අපේ සමරු කලාපයට සම්බන්ධ වෙලා අවුරුදු උළෙලට ශක්තියක් වෙන්ඩ කැමති බ්ලොග් සහෘදයින්ට මෙන්නම් මේ පාරේ ගියහම තොරතුරු දැනගෙන... අපව දැනුවත් කරන්නත් පුලුවනි 18 වෙනිදා වෙනකම්.

එසේම ගියවර මෙන් මෙවරද සියලූම අයවැය තොරතුරු විනිවිද භාවයකින් යුක්තව ඔබ සියලු දෙනා වෙත ඉදිරිපත්කරන අතරම.දැනට යොජනාවෙලා තියෙන  සමාජ සේවා ව්‍යාපෘතීන් න් අපගේ ශක්ති ප්‍රමානයෙන් කලහැකි ව්‍යාපෘතීය සයිබර් සිහින උළෙල පැවැත්වෙන අවස්ථාවෙදී ඔබ සැමගේ සහභාගීත්වයේන් තීරණය කිරිමටද බලාපොරොත්තු වෙනවා.

ඒවගේම වැදගත්ම කාරනය මත්පැන් මත්ද්‍රව‍ය ක්‍රිඩාංගනය ඇතුලට ගෙන ඒම සම්පූර්නයෙන්ම තහනම්.


දිවා ආහාරය සඳහා ඔබගෙන් රුපියල් 100 ක් වැනි සුලු මුදලක් පමනක් අය කරනු ලැබේ...

හරි ඔන්න අපි හැමොම අප්‍රියෙල් 22 දා උදේ 9 ට සයිබර් සිහින උළලේදි මුනගැහෙමු...





7

සිහින උළෙලේ සමරු කලාපයට ඔබගේ බ්ලොග් අඩවියත් ඇතුල් කරගන්න....

ආදරණිය බ්ලොග් සහෘදයිනි,

ඔබ සියළු දෙනා දන්නා පරිදි 2012 සයිබර් සිහින උළෙළ සදහා ඇත්තේ තව හරියටම සතියක් පමණි. අවුරුදු උත්සවයේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යෑම සඳහා බ්ලොග් අවකාශයේ අප හා අත්වැල් බදගෙන සිටින සියලුම හිත මිතුරන්ගේ නොමද සහයෝගය තවදුරටත් අපේක්ෂා කරමු. මෙවර බක් මහ උළෙල කේන්ද්‍ර කොට ගෙන සමරු කලාපයක් මුද්‍රණය කිරීමට තීරණය කර ඇති අතර ඒ සදහා අනුග්‍රහය දක්වන මෙන් ඔබ සියලුම දෙනාගෙන් කාරුණික ඉල්ලීමක් කරන්නට කැමැත්තෙමු.

පහත දක්වා ඇති ආකාරයට මෙහි පිටුවල හිමිකාරිත්වය දැරිය හැකි අතර එහිදී ඔබගේ බ්ලොගය හෝ පෞද්ගලික ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් මෙහි දායකත්වය ලබා ගත හැක.


1. පසු පිටුව - රු 5000 ක්
2 එක පිටුවක් - රු 2000 ක්
3. පිටු භාගය - රු 1000 ක් 
4. පිටු 1/4 - රු 500 ක්.

මෙවර අවුරුදු උත්සව සමරු කලාපය සඳහා ඔබගේ බ්ලොග් අඩවියත් පල කර ගැනීමට අවශ්‍ය නම් මේ මස 18 වන දින පෙර සයිබර් සිහින උළෙල නිල ඊමේල් ලිපිනයට ඹබගේ විස්තර හා සම්බන්ධ කරගතහැකි දුරකථන අංකයක් සහිතව ඊමේල් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

ස්තුතියි!

cybernewyearfestival2011@gmail.com 

G.S.Gunawardana
Skype-gsg0400
Mobile-0718309494
Back to Top